මෙරට පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ගොඩනැගීමේ කොන්ත්‍රාත්තුව දෙයි. බෝපිටියට අති නවීන නගරයක්

    September, 18, 2015

    ශ්‍රී ලංකාවේ පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ගොඩනැගීමේ කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා මැලේසියානු සමාගමක් සමග රජය ගිවිසුම් අත්සන් කර තිබේ.

    මේ අනුව, මෙම ගිවිසුම අත්සන් කර තිබෙන්නේ මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ග පද්ධතියක් ගොඩනැගීමට වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජය සමග ගිවිසුමකට එළඹ තිබෙන්නේ මැලේසියාවේ Airport Express – Air & Rail Company (Pvt.) Ltd සමාගමයි.

    මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට අදාළ ශක්‍යතා වාර්තාව සිදුකිරීමට ඩොලර් මිලියන 05 ක පමණ මුදලක් ආයෝජනය කරන අතර එම වාර්තාවට අදාළව රජයෙන් අනුමැතිය හිමිවූ පසුව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.

    මෙම ව්‍යාපෘතියට අදාළ වන මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 42 කි.

    කටුනායක ගුවන් තොටුපොළේ සහ කොළඹ කොටුවේ මෙයට අවශ්‍ය වන පර්යන්ත දෙකක් ඉදිකරන අතර දුම්රියට පිවිසුම් ස්ථාන බෝපිටියේ සහ කෙරවලපිටියේ ගොඩනැගීමට සැලසුම් කර ඇත.

    මෙහි බෝපිටියේ පිවිසුමට ආසන්නව අක්කර 150 ක ඉඩම් ප්‍රමාණයක් මිලදී ගනිමින් සියළු පහසුකම් සපිරි නගරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය.

    මේ සියළු ඉදිකිරීම් 2018 වසර අවසන් වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

    T02T03T04