May, 26, 2026
ශ්‍රී ලංකාවේ පළිබෝධ පාලන ක්ෂේත්රයේ ප්රමුඛ වෘත්තීයවේදියකු වන රජිත කුක් ගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය විසින් පිරි නමන “Global CEO ‘45 Under 45 – Leadership Excellence Platinum Award 2025” ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලැබීය.
කොළඹ හිල්ටන් හෝටලයේදී පසුගියදා පැවති මෙම සම්මාන උළෙලේදී ලොව විවිධ රටවල රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන තරුණ නායකයන්, නවෝත්පාදන ව්‍යවසායකයන් සහ ‘සී‘ ශ්‍රේණියේ විධායක නිලධාරීන්ගේ විශිෂ්ඨ නායකත්වය, වෘත්තීය විශිෂ්ඨත්වය සහ සමාජයීය බලපෑම් ඇගැයීමට ලක් කෙරිණි.
සිය පවුලේ ව්‍යාපාරයක් වන සුරේන් කුක් ඒජන්සීස් පෞද්ගලික සමාගමේ මෙහෙයුම් සහ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂධුරය හොබවන රජිත කුක් පළිබෝධ පාලන ක්ෂේත්රයේ වසර 22කට අධික අත්දැකීම් හිමි වෘත්තීයවේදියෙකි.
සුරේන් කුක් ඒජන්සීස් පෞද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන “Green Operating System” තිරසර සහ පරිසර හිතකාමී පළිබෝධ කළමනාකරණ වැඩසටහන ඔහුගේ නායකත්වය යටතේ සිදුවන අතර, ක්‍රියාදාම සහ ප්‍රවර්ධන ක්‍රමවේද භාවිත කරමින් රසායනික භාවිතය සහ පාරිසරික බලපෑම් අවම කිරිම සඳහා ඔහු සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ.
රජිතගේ නායකත්වය යටතේ සුරේන් කුක් ඒජන්සීස් පෞද්ගලික සමාගම නවෝත්පාදන සහ තිරසාරත්වය වෙනුවෙන් කර්මාන්ත ක්ෂේත්රය තුළ සම්මාන සහ ඇගැයීම් රැසකට පාත්‍ර වී ඇති අතර, ආසියා සහ ඕෂනියා කලාපයේ තිරසර පළිබෝධ පාලන ක්ෂේත්රයේ විශිෂ්ඨත්වය වෙනුවෙන් FAOPMA Conference හී දී ද සම්මානයට පාත්‍ර වී තිබේ.
තරුණ දක්ෂතා වර්ධනය කිරිම සහ පළිබෝධ පාලන ක්ෂේත්රය තුළ නව පරපුරට මඟ පෙන්වීම සඳහා රජිත කුක් විශේෂ උනන්දුවකින් කටයුතු කරයි.
Video Story