රටේ ආර්ථිකය ඉහළ නැංවීමට සුවිශේෂී වැඩපිළිවෙලක් රජය සතු බව ඇමති නාමල් කියයි

    September, 24, 2021

    දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව රටේ ආර්ථිකය ඉහළ නැංවීමට සුවිශේෂී  වැඩපිළිවෙලක් තමන් සතු බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය අධීක්ෂණය සඳහා එක්වෙමින්  (22) අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

    "රටේ ආර්ථීකය නංවාලන්න සුවිශේෂ වැඩපිළිවෙලක් අපි හදලා තිබෙනවා. මේ වනවිට ග්‍රාමීය සංවර්ධනය ක්‍රියාත්මක වෙනවා. රටේ නිෂ්පාදන වැඩි කරන්නත් ගමේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් මේ රටෙන් පිටරට යවන භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්නත් ආණ්ඩුවක් විදියට අපි කටයුතු කර තිබෙනවා. මෙම කොරෝනා වසංගතය ලංකාවට පමණක් නොව ගෝලීය වශයෙන් බලපෑ වසංගතයක්. ගෝලීය වසංගතයක දී ගෝලීය ආර්ථිකය පවා කඩා වැටී තිබෙනවා. එසේ තිබියදීත් අපි මේ ආර්ථිකය ශක්තිමත් කිරීමට බොහොම අමාරුවෙන් ඉස්සරහට යන්නෙ."

    "කෙසේ වෙතත් ක්‍රමානුකූලව ආර්ථිකය සංවර්ධනය කිරීමයි අපි කළ යුත්තේ. ඒ සඳහා අපිට සැලැස්මක් තියෙනවා. ඒ නිසා අපි විස්වාශ කරනවා ඉතාමත් ඉක්මනින් මේ රටේ ආර්ථිකය යථාතත්ත්වයට ගෙන ඒමට පුළුවන් බව", යැයි අමාත්‍යවරයා පැවසීය.