රථ වාහන දඩවලින් රු. කෝටි 255 ක ආදායමක්. කෝටි 62ක්ම බීලා වාහන පදවපු අයගෙන්

    July, 27, 2023

    2022 වසරේ දී රථවාහන වැරදි සඳහා නිකුත් කරන ලද දඩපත් හා අධිකරණය මගින් රු. කෝටි 255 ක් හෙවත් රු. බිලියන 2.55 ක ආදායමක් උපයා දීමට ශ්‍රී ලංකා පොලීසිය සමත්ව ඇති බව වාර්තා වේ.

    මෙහිදී දඩපත්වලින් ලැබූ මුළු ආදායම රු. බිලියන 1.29 ක් වන අතර අධිකරණය මගින් ලැබූ ආදායම රු. බිලියන 1.25 කි.

    රථවාහන වැරදි කාණ්ඩ 19 ක් යටතේ අදාළ දඩපත් නිකුත් කිරීම් හා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එහිදී වැඩිම ආදායමක් වාර්තා වී ඇත්තේ බීමත්ව රිය පැදවීමේ වරදට අදාළවය. එය රු. මිලියන 621 ක් හෙවත් රු. කෝටි 62 කි.

    2022 තුළ රථ වාහන වැරදි සඳහා නිකුත් කර ඇති සමස්ත දඩපත් ප්‍රමාණය එකොළොස් ලක්ෂය ඉක්මවා තිබේ.

    මේ පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.