රාජ්‍ය ඇමති කබ්රාල් මස්කට් බැංකුවේ ප්‍රධාන විධායක හමුවෙයි

    April, 14, 2021

    ඕමාන මස්කට් බැංකුවේ ප්රධාන විධායක නිලධාරී ෂෙයික් වලීඩ් කමීස් අල් හෂාර් මහතා සහ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර හමුවක් පසුගිය දා සිදුවිය. මෙහිදී ශ්රී ලංකා බැංකුවල අනාගත සහයෝගීතාව පිළිබඳව මස්කට් බැංකුව සමඟ සාකච්ඡා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටී.

    රාජ්යතාන්ත්රික හමුවක් සඳහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජිත පිරිසක් පසුගිය දා ඕමානයේ සංචාරය කළ අතර කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු ඕමානයේ සංචාරය කළ පළමු රාජ්යතාන්ත්රික නියෝජිත කණ්ඩායම මෙය වේ. එම දූත පිරිස ශ්රී ලංකා මහ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව සහ කොමර්ෂල් බැංකුවේ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත විය.