රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයෙන් ගාල්ල ට “සංචාරක ගමනාන්තයක් හා සුරක්ෂිත නැව් තොටක්”

    September, 23, 2021

    කලාපීය වාණිජ වරායක් වශයෙන් පවත්වාගෙන යාමට හැකි වන පරිදි "සංචාරක ගමනාන්තයක් හා සුරක්ෂිත නැව් තොටක්" යන තේමාව යටතේ ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
    ඒ අනුව, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් වශයෙන් සාම්ප්‍රදායික සේවාවන්ට සීමා නොපනවමින්, පෞද්ගලික අංශයේ ආයෝජන ආකර්ශනය කර ගනිමින් ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස වරාය නාවික අමාත්‍යාංශය විසින් සැලැසුම් කර ඇත.
    ඒ අනුව, යෝජිත පරිදි එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.