• Ada Derana BIZ Sinhala
  • government service
  • sri lanka

රාජ්‍ය සේවයේ දාහතරලක්ෂ පනස්දහසක් ගැන සමාලෝචනයක්

November, 14, 2022

"වර්තමානය වන විට විවිධ රාජ්‍ය ආයතනවල රාජ්‍ය සේවකයන් දාහතරලක්ෂ පනස්දහසක් (1,450,000) කට ආසන්න පිරිසක් සේවය කරනවා. එමනිසා, රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් ඔවුන්ගේ වැටුප් හා වේතන වෙනුවෙන් වැය කළ යුතු වනවා. එබැවින් සංවර්ධන කාර්යයන් ඇතුළු අනෙකුත් පොදු කාර්යයන් වෙනුවෙන් සම්පත් වෙන් කිරීම අභියෝගයක් වී තිබෙනවා. එම නිසා, වත්මන් අවශ්‍යතාවයට අනුකූලව රාජ්‍ය සේවයේ සියලු අංශ සමාලෝචනය කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතුළු නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමට මම යෝජනා කරනවා."

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) දින 2023 අයවැය කතාව ඉදිරිපත් කරමින් මේ බව කියා සිටියේය.

Video Story

Stock Market

Exchange Rates