රුපියල පා කළේ මුදල් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව – මහ බැංකු අධිපති

    November, 15, 2022

    පසුගිය මාර්තු මාසයේ දී මහ බැංකුව විසින් රුපියලේ අගය පා කිරීමට කටයුතු කළේ මුදල් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (15) දින අනාවරණය කළේය. අද පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති පශ්චාත් අයවැය සමාලෝචන සම්මන්ත්‍රණයක දී අධිපතිවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ රුපියලේ පා කළේ කිසිදු පාලනයකින් ද තොරව බවයි.

    පහුගිය කාලය තුළ රට ආර්ථික අර්බුදයකට යොමුවන බව පැහැදිලි වුණා මේ අවුරුද්ද මුල ඉඳන්ම. ජනවාරි මාසයේ ඉඳන්ම අපේ ණය ගෙවීමේ හැකියාව අඩුවෙලා, අස්ථාවර sustainable නැති තත්ත්වයකට පත්වුණා කියන එක හැමෝම දන්න කාරණයක්. අපිට ණය දීපු පාර්ශව පවා ඒ වෙලාවේ ඉඳන් හිටියේ ණය ප්‍රතිව්‍යූහගත කරන්න ලැහැස්ති වෙලා credit committee ලැහැස්ති කරගෙන සූදානමකුත් තිබුණා අපි මේක නිවේදනය කරන්නත් කලින් ඉඳලා.

    ඒ වෙලාවේ අපේ සංචිත අඩු වී ගෙන යන කොට, ජනවාරි මාසේ අපේ ISB මිලියන 500ක් ගෙවන කොට අපේ සංචිත තිබ්බේ අඩුවෙන සහ තවත් ඉදිරියට නොලැබෙන තත්ත්වයක. රේටිංග් හොඳටම downgrade වෙලා, අපේ ණය දීපු අය සූදානම්ව හිටියේ පැහැදිලිවම ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ ණය ගෙවන්න හැකියාවක් නැහැ කියන එක. ඒ අනුව ණය ගෙවීමට හැකියාවක් නොමැතිව තියෙද්දී මහ බැංකුවෙන් 203ට රුපියලේ අගය පවත්වාගෙන ගියා සංචිත තියෙන ටිකත් ණය ගෙවන්න සහ පෙට්‍රල් ඩීසල්වලට වියදම් කරලා.

    එතකොට එහෙම බැරි බව තේරුණාම තමයි අර මාර්තු මාසේ පළවෙනි පියවර ගත්තේ, රුපියල් පා කරලා ඇරියා කිසිම කන්ට්‍රොල් එකක් නැතිව. මුදල් මණ්ඩලයේත් අනුමැතිය නැතිව රුපියල පා කරලා ඇරියා. එතනිං තමයි  එකපාරටම 203 ඉඳලා 365, 380 යනකං ගියේ.

    Video Story

    Stock Market

    Exchange Rates