May, 18, 2026
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දිනයේ දී ප්‍රකාශයට පත් කර ඇති දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 326.74ක් ලෙසත් විකුණුම් මිල රු. 334.26ක් ලෙසත් වාර්තා වී තිබේ.
2023 නොවැම්බර් 29 දින ඩොලරයේ විකුණුම් මිල රු. 334.22ක් ලෙසින් සටහන්ව ඇති අතර ඉන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම විකුණුම් මිල මෙලෙස අද දිනයේ දී වාර්තා වී ඇත.
2023 මාර්තු 20 දින ඩොලරයක ගැනුම් මිල රු. 331.71ක් වශයෙන් වාර්තා වී තිබෙන අතර අද දින මෙලෙස සටහන්ව ඇත්තේ ඉන් පසුව වාර්තා වන ඉහළම ගැනුම් මිලයි.
Video Story