රුහුණ විශ්වවිද්‍යාලය සහ ඉන්දියාවේ වෙල්ලෝර් තාක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක්

    June, 22, 2021

    මූලික උපාධි සහ පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීම, ඉගැන්වීම් පර්යේෂණ හා ප්‍රායෝගික පුහුණුව සම්බන්ධයෙන් අන්‍යොන්‍ය පළපුරුද්ද හුවමාරු කර ගැනීම සඳහා අධ්‍යයන කාර්යමණ්ඩල හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීම, ප්‍රකාශන හා වාර්තා හුවමාරු කර ගැනීම ඇතුළත්ව පර්යේෂණ හා සංවර්ධනය සඳහා වන ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය මගින් උසස් අධ්‍යාපනික සහයෝගිතාව සඳහා රුහුණ විශ්වවිද්‍යාලය සහ ඉන්දියාවේ වෙල්ලෝර් තාක්ෂණ ආයතනය (Vellore Institute of Technology, India) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.