රු. ට්‍රිලියනයක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක්

    June, 23, 2021

    රු. බිලියන 1000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සදහා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අනුමැතිය
    දේශීය භාණ්ඩාර බිල්පත් ආඥා පනත යටතේ මුදල් අමාත්යවරයා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත  රු බිලියන 1000 ක හෙවත් රු. ට්‍රිලියනයක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සදහා වන යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගිය දා (21) හිමිවිය.
    රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී අනුර ප්රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය දා (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ සෞඛ්ය රෙගුලාසිවලට අනුගත වෙමින් එම රැස්වීම සදහා රාජ්ය නිලධාරීන් මාර්ගස්ථ ක්රමවේදයට (Online) අනුව සම්බන්ධ කරගැනීම සිදුවිය.
    රාජ්ය අමාත්ය සුසිල් ප්රේම්ජයන්ත,   පාර්ලිමේන්තු මන්ත්රීවරුවන් වන ඩිලාන් පෙරේරා, මුජිබර් රහුමාන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, අනුප පැස්කුවල් , මහාචාර්ය රංජිත් බණ්ඩාර, නලින් ප්රනාන්දු සහ ඉසුරු දොඩංගොඩ යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.
    මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්යාංශ සහ භාණ්ඩාගාර ලේකම් එස් .ආර් ආටිගල මහතා ප්රකාශ කර සිටියේ දැනට පවතින සීමාව වන රු. බිලියන 2000 ක අගය රු. බිලියන 3000 දක්වා වැඩිකිරීමට මෙමගින් අපේක්ෂා කරන බවයි. එසේම එම මුදල ඉදිරි මාස 06 තුළ වියදම් කරන බව ඉන් අදහස් නොවන බවත් පාර්ලිමේන්තුව අනුමත කළ ණය ගැනීමේ සීමාව තුළ මේ සියල්ල කළමණාකරණය කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
    තවද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පසුගිය ජූනි 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති රෙගුලාසි ද්විත්වයක් සදහා ද කාරක සභාවේ අනුමැතිය හිමිවිය. විශේෂ කාර්ය වාහන ලෙස ගෙන්වන වාහන සදහා බදු සහන ලබාදී ඇති පසුබිමක බොහෝවිට එම අවස්ථාව අවභාවිත කරන බව මෙහිදී මුදල් අමාත්යාංශ ලේකම්වරයා කරුණු දක්වමින් කාරක සභාවට පැහැදිළි කර සිටියේය.
    විශේෂ කාර්ය වාහන ලෙස ගෙන්වන වාහන ඉන් අනතුරුව සාමාන්ය වාහන ලෙස භාවිත කරන බව මේවන විට හදුනාගෙන ඇති බැවින් එමගින් රජයට විශාල බදු මුදලක් අහිමිවන බව ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. පසුගිය වසර තුළ පමණක් අධිශීතකරණ සහිත ලොරි රථ (Freezer trucks) 947 ක් මෙරටට ආනයනය කර ඇති බව ද ඒවා බොහෝමයක් ආනයනයෙන් පසු ශීතකරණ ඉවත් කොට සාමාන්ය ලොරි රථ ලෙස භාවිතකරන බවට තොරතුරු වාර්තා වන බවද ආටිගල මහතා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව මෙම රෙගුලාසි මගින් අදාළ බදුමුදල් සංශෝධනයට පියවර ගෙන ඇත.