• Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bills

රු. මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

November, 8, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (09) දිනයේ දී රු. මිලියන 85,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

ඒ අනුව මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 35,000ක්, රු. මිලියන 30,000ක් සහ රු. මිලියන 20,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.