ලංකාවට රට සල්ලි ගෙන එන ක්‍රම සරල කරයි

    April, 23, 2021

    2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද සංශෝධිත නියෝග

    දේශසීමා අතර විදේශ විනිමය ගනුදෙනු සිදු කිරීමේ දී වැඩි කාර්යක්ෂමතාවයක් ළඟා කර ගැනීමත් සමග පාර්ශව කරුවන්ගේ ව්‍යාපාර කිරීමේ පහසුව තුළින් ආර්ථික කටයුතු සඳහා තවදුරටත් පහසුකම්  සැපයීමේ අරමුණින් යුතුව 2017 අංක 12 දරන  විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි තවදුරටත් සරල කිරීම සහ පැහැදිලිතාව වැඩිදියුණු කිරීම සඳහා සංශෝධනය කරන ලදී.

    ඉහත ඉස්මතු කර ඇති පරිදි මෙම සංශෝධිත විදේශ විනිමය ප්‍රතිපත්ති රාමුව 2021 මාර්තු 22 දින සිට වලංගු වනු ඇත. එසේ  හඳුන්වා දී ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අතරින් ප්‍රධාන කරුණු පහත පරිදි වේ.