ලංකා බැංකුවේ ශාඛා කිහිපයක් අද වැසෙයි

    April, 27, 2021

    පවතින සෞඛ්‍ය නියමයන්ට අනුව අද (27) දින සිය බැංකු ශාඛාවන් කිහිපයක් වසා තබන බව ලංකා බැංකුව පවසයි. ලංකා බැංකු නිල ෆේස්බුක් ගිණුම හරහා තම ගනුදෙනුකාරභවතුන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බැංකුව මේ බව සඳහන් කර සිටී.

    මේ අනුව බස්නාහිර පළාතේ හොරණ, බණ්ඩාරගම, ගුරුගොඩ, ඉංගිරිය, ගොතටුව සහ වැලිවේරිය යන ශාඛා ද, දකුණු පළාතේ ගාල්ල අධිශ්‍රේණි ශාඛාව, ඉමදූව, යක්කලමුල්ල, බෙලිඅත්ත, හම්බන්තොට, මිද්දෙණිය ශාඛා සහ ඌව පළාතේ බුත්තල, ඇතිලිවැව, හපුතලේ, මොණරාගල සහ බදුල්ල ප්‍රාදේශීය ණය මධ්‍යස්ථානය අද දින වසා තැබෙනු ඇත.

    මීට අමතරව මධ්‍යම පළාතේ මහනුවර මහ රෝහල් ශාඛාව, සබරගමු පළාතේ කිතුල්ගල ශාඛාව සහ වයඹ පළාතේ හලාවත හා නිකවැරටිය යන ශාඛා අද දින ගනුදෙනු සඳහා විවෘත නොවන බව බැංකුව වැඩිදුරටත් කියා සිටී.