June, 22, 2021
* පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දැනට නියම කර ඇති පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,493/-ක මිලට ලිට්රෝ ගෑස් සමාගම සහ ලාෆ්ස් ගෑස් සමාගම විසින් තවදුරටත් වෙළෙඳපොළේ අලෙවි කිරීම.
* ගෑස් මිල දී ගැනීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීම සමාගම් දෙක විසින්ම ඒකාබද්ධව සිදු කිරීම හා ඒ සඳහා හම්බන්තොට ගෑස් පර්යන්තය යොදා ගැනීම.
* රටට අවශ්‍ය එල්පී ගෑස් මිල දී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු, ප්‍රවාහනය හා ගබඩා කිරීමේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ලිට්රෝ ගෑස් සමාගමේ සහ ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයින් ද ඇතුළත් අදාළ ක්ෂේත්රය පිළිබඳ විශේෂඥ දැනුම සහිත නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම.
* අනුකාරක සභාව විසින් නිර්දේශිත ක්‍රමවේදය ඉදිරි මාස 06 තුළ ක්‍රියාත්මක කර එහි ප්‍රගතිය මත යෝග්‍ය ඉදිරි පියවර ගැනීම.
Video Story