June, 3, 2021
2020 වර්ෂය අවසාන වන විට ලොව පුරා රටවල් හා කලාප 180 ක වෙසෙන මිලියන 20 ක ජනතාවක් චීන භාෂාව හැදෑරීම සඳහා යොමුව ඇති බව චීන අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව සඳහන් කර සිටී.
你好, ආයුබෝවන්, வணக்கம்🙏
20 million foreigners from over 180 countries and regions are learning Chinese language by the end of 2020: 🇨🇳Ministry of Education https://t.co/1SSksypm6L
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) June 2, 2021
මේ අතර චීන භාෂාව හෙවත් මැන්ඩරින් භාෂාව ඉගැන්වීම සඳහාම වූ අධ්‍යාපන ආයතනයක් මේ වන විට මෙරට කටයුතු ආරම්භ කර තිබේ. Mandarin Institute of Sri Lanka නම් ඒම ආයතනය කොළඹ පිහිටා ඇති අතර ඒය චීන භාෂාව ඉගැන්වීම සඳහාම වෙන්වුණු මෙරට පළමු ආයතනය වේ. ඔවුන් පවසන්නේ සියලුම වයස් සීමාවන් සඳහා මැන්ඩරින් භාෂාව ඉගැන්වීම සිය ආයතනය තුළින් සිදුකෙරෙන බවයි.
චීනයේ රැකියාවකට යාමට හෝ චීන ව්‍යාපෘති සඳහා ඒක්වීමට නම් චීන භාෂාව අමතර සුදුසුකමක් වනු ඇති බව පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය.
මේ වන විට ලොව බිලියන 1.3 ක ජනතාවක් චීන භාෂාව කතා කරන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ඒය ගෝලීය නිෂ්පාදිතයෙන් 20%ක් සඳහා දායකත්වයක් සපයන වේගයෙන් වර්ධනය වන ව්‍යාපාරික භාෂාව බවයි.
Video Story