වරාය නගරයේ ආයෝජනයට ධම්මික පෙරේරාට ආරාධනා

    April, 21, 2021

    කොළඹ වරාය නගර (පෝර්ට් සිටි) ව්‍යාපෘතියේ ආයෝජනය කිරීම සඳහා තමන් වෙත ආරාධනාවක් ලැබී ඇති බව මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. ඊයේ (20) අද දෙරණ 24 හි විකාශය වූ BIG FOCUS සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ ඒක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.

    වරාය නගරයේ ආයෝජනය සඳහා ආරාධනාවක් ලැබී ඇත්දැයි යනුවෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් මෙය ධනාත්මක ලෙස තමන් පිළිගෙන ඇති බවද ඔහු මෙහිදී පැවසීය.

    කෙසේ වෙතත් තමන් පෝට් සිටි ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා සලකා බලන්‌නේ ඒහි සෙසු ආයෝජන පිළිබඳ අවධානය යොමුකිරීමෙන් පසුව බව ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

    "ඇත්තටම ආරාධනාවක් ලැබිලා තියෙනවා. මේක පොසිටිව් විදියට බලලා තියෙනවා. හැබැයි අනෙක් ඉන්වෙස්ට්මන්ට්ස් මොනවාද ඒන්නේ කියන ඒකත් ඒක්ක තමයි අපි යන්නේ. අපිට ඒකපාරටම ගිහිල්ලා මේකේ පනින්න බැහැ."

    මෙම සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.