වැටුණු කොටස් වෙළෙඳපොළ යළි නැගිටියි – සියලු කොටස් ඒකක 238 කින් ඉහළට

    February, 3, 2021

    පසුගිය ගනුදෙනු දින 3ක් පුරාවට අඛණ්ඩව මිල දර්ශකවල පහළ යාමක් වාර්තා වුව ද අද (03) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 238.09 ක වර්ධනයක් සනිටුහන් කිරීමට සමත්විය. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,243.41 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 2.97% ක ඉහළ යාමක් වේ.

    මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ දී ඒකක 102.30 කින් ඉහළ ගොස් ඒකක 3,289.68 ක් ලෙසින් සටහන් විය.

    තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ විශාලතම කඩා වැටීම ඊයේ දිනයේ දී වාර්තා වූ අතර එවන් පසුබිමක නැවත වරක් කොටස් වෙළෙඳපොළ වර්ධනාත්මක තත්ත්වයකට මුලපිරීම විශේෂත්වයකි. ඊයේ දිනයේ දී ඒකක 561.75 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගියේය.

    රු. බිලියන 6.22 ක පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.