July, 28, 2023
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය අද (28) පෙරවරුවේ දී විකුණා දමන ලදී.
අගලවත්ත වැවිලි සමාගමේ කොටස් මිලියන 114.06 ක් හෙවත් 73% ක කොටස් අයිතිය D.R. INVESTMENT (PVT) LTD සතුව පැවති අතර එම සම්පූර්ණ කොටස් ප්‍රමාණය මේ අනුව අද දිනයේ දී හුවමාරු වී තිබේ. ඒ එක් කොටසක් රු. 39.90 ක් බැගිනි.
මේ අනුව මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. බිලියන 4.55 ක් වේ.
මෙම ගනුදෙනුව D.R. INVESTMENT (PVT) LTD සමාගම අයත් සමූහයේ අභ්‍යන්තර පාර්ශව අතර සිදුකෙරුණු ගනුදෙනුවක් ද නැතහොත් වෙනත් පාර්ශවයක් විසින් සිදුකළ මිල දී ගැනීමක් ද යන වග මෙතෙක් අනාවරණය වී නැත.
Video Story