විද්‍යුත් සංචරණ අනුමැතිය ඔස්සේ පැමිණෙන සංචාරකයින් සඳහා දින 180 ක් දක්වා එකවර සංචාරක වීසා

    August, 25, 2021

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන 'මාර්ගගත විද්‍යුත් සංචාරක වීසා බලපත්‍ර ලබා දීමේ පද්ධතිය (ETA)' හරහා සංචාරක වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ 'ශ්‍රී ලංකා සංචාරක ජංගම යෙදවුම (Mobile App)' සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා දින 180ක් දක්වා වලංගු වන සංචාරක වීසා බලපත්‍රයක් නිකුත් කිරීම පිණිස 2021-01-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව, පහත සඳහන් පරිදි වීසා ගාස්තු අය කරමින් එකී සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී:

    * සාර්ක් රටවල සංචාරකයින් - ඇමෙරිකානු ඩොලර් 70

    * සාර්ක් නොවන රටවල සංචාරකයින් - ඇමෙරිකානු ඩොලර් 85

    * සිගංප්පූරුව, මාල දිවයින, සීෂෙල්ස් රටවල සංචාරකයින් - ඇමෙරිකානු ඩොලර් 50 (එම රටවල් සමග දැනට පවතින ද්විපාර්ශ්වික ගිවිසුම් අනුව)