විදේශ අමාත්‍යාංශයට අලුත් තැනක්

    September, 7, 2021

    දැනට විදේශ අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන ජනරජ ගොඩනැඟිල්ලේ ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීම හේතුවෙන් එම අමාත්‍යාංශයේ අංශ කිහිපයක් ප්‍රධාන කාර්යාලයෙන් බැහැරව වෙනත් ස්ථානවල පවත්වාගෙන යනු ලබයි.
    ඒ හේතුවෙන් විවිධ පරිපාලනමය ගැටලුවලට මුහුණ පෑමට සිදුව ඇත. එසේම, වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් ප්‍රමාණවත් ඉඩකඩ සහිත ගොඩනැඟිල්ලක් විදේශ අමාත්‍යාංශය සඳහා ඉදිකිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
    ඒ අනුව නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය සතු විද්‍යා මාවතේ පිහිටි දැනට කාර්මික තාක්ෂණ ආයතනය විසින් භාවිත කරනු ලබන ඉඩමෙන් වෙන් කර ගැනීම සඳහා විදේශ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates