April, 19, 2021
බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් තම ව්‍යාපාර පුළුල් කිරීම සඳහා විදේශීය මූලාශ්‍රයන්ගෙන් ගනු ලබන අඩු පිරිවැයක් සහිත අරමුදල් නම්‍යශීලී කරනු වස් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අප්‍රේල් 09 දින බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත විදේශ මුදල් ණයට ගැනීම් වලට අදාළ ව විධිවිධාන පැනවී ය. මෙම විධිවිධානයන්ගේ පරමාර්ථය වන්නේ බලපත්‍රලාභී මුදල් සමාගම්හි විදේශ අරමුදල් මගින් ඇති කරනු ලැබිය හැකි මූල්‍ය විචලනයන් ස්ථායී කිරීම සහ එවැනි විදේශ මුදල් ණයට ගැනීම් සඳහා අවදානම් කළමනාකරණ රාමුවක් සැපයීම යි.
මෙම විධිවිධානයන් පැනවීමට පෙර ජාතික වැදගත්කමක් සහිත කාර්යයන් සඳහා මෙම අරමුදල් උපයෝගී කර ගැනීම, අවුරුදු 5 ට වැඩි කල්පිරීම්, විචක්ෂණශීලී අවශ්‍යතා සමග අනුකූල වීම් ආදී නිර්ණායක සැපිරූ බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා අදාළ ඉල්ලීම සලකා බලා මුළු වත්කම්වලින් සියයට 10ක් දක්වා විදේශ මුදල් ණයට ගැනීම්වලටශ්‍රී ලංකා මහ බැංකුව අවසර ලබා දී ඇත.
බලපත්‍රලාභී මුදල් සමාගම් කිහිපයක් තම ව්‍යාපාර කටයුතු සඳහා සාපේක්ෂ ව අඩු වියදමකින් විදේශ ණය ලබා ගෙන තිබීම, ඔවුන්ගේ ණය ආපසු ගෙවීමේ වාර්තා සතුටුදායක වීම සහ වර්තමාන වෙළෙඳපොළ තත්ත්වයන් සැලකිල්ලට ගෙන පහත අංගයන්ගෙන් සමන්විත නව විධානයන් හඳුන්වා දී ඇත.
සමස්තයක් ලෙස ගත් කල, ආර්ථිකයේ සංවර්ධන කටයුතු සඳහා ඉවහල් වන බලපත්‍රලාභී මුදල් සමාගම්වල අනාගත ව්‍යාපාර පුළුල් කිරීම් සඳහා විචක්ෂණශීලී ආකාරයකින් විදේශීය මූලාශ්‍රයන්ගෙන් අරමුදල් ලබා ගැනීමට නව විධානයන් මගින් වැඩි නම්‍යතාවක් ලබා දී ඇත.
Video Story