විශ්‍රාම යද්දී නිල වාහනේ ගෙදර අරන් යන්න බැහැ. රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට විශේෂ දැනුම් දීමක්

    November, 17, 2022

    භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය බැංකු සභාපතිවරුන් ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් හි ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

    එහි දැක්වෙන පරිදි රජයේ නිලධාරියෙකු විසින් භාවිත කරනු ලබන නිල වාහනය, සේවයෙන් විශ්‍රාම යාමේ දී තමන් වෙත පවරා ගැනීම සඳහා මෙතෙක් තිබුණු අභ්‍යන්තර ප්‍රතිපාදන අහෝසි කර ඇත.

    වාණිජ සංස්ථා, රාජ්‍ය බැංකු, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් විසින් මෙයාකාරයේ ප්‍රතිපත්ති අනුගමනය කරනු ලබන බවත් එය කෝප් කමිටුවේ දී ප්‍රශ්න කර ඇති බවත් භාණ්ඩාගාර ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

    එසේම රටේ පවතින ආර්ථික තත්ත්වය හා විදේශ විනිමය හිඟය හේතුවෙන් නව වාහන ආනයනය තහනම් කර ඇති බව ද ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටී.

     

    Video Story

    Stock Market

    Exchange Rates