විශේෂ තැන්පතු ගිණුම්වලට ඩොලර් මිලියන 360 ක් ඇවිත්. ගිණුම් විවෘත කිරීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

    April, 6, 2021

    2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ 'විශේෂ තැන්පතු ගිණුම්' විවෘත කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීම
    විදේශීය මුදල් මෙරටට ප්‍රේෂණය කිරීම උනන්දු කිරීම සඳහා 2020 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ තැන්පත් ගිණුම් විවෘත කිරීම සඳහා විධිවිධාන සලස්වමින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අදාළ නියෝග නිකුත් කරනු ලැබ ඇත.
    එසේම, එකී ගිණුම්වල පවතින තැන්පතු තවදුරටත් රඳවා ගැනීමේ අරමුණින් අතිරේක පොලියක් ගෙවීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
    2021 මාර්තු මාසය වන විට එකී තැන්පතු ගිණුම්වල ඇමෙරිකානු ඩොලර් මිලියන 360.3ක මුදලක් තැන්පත් කරනු ලැබ ඇත.
    එම විශේෂ තැන්පත් ගිණුම් විවෘත කිරීමට ඉඩ ලබා දී ඇති කාල සීමාව 2021 අප්‍රේල් මස 07 දිනෙන් අවසන් වීමට නියමිත බැවින්, තවදුරටත් මුදල් තැන්පත් කිරීමට කැමැත්තක් දක්වන පාර්ශ්වයන් උනන්දු කරවීම පිණිස අදාළ කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීම පිණිසත්, ඒ සඳහා විදේශ විනිමය පනතේ විධිවිධාන පරිදි නියෝග නිකුත් කිරීම පිණිසත් මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.