වීසා නැතුව යනවා නම් මෙන්න රටවල්

    March, 4, 2016

    නවසීලන්තයේ Henley & Partners ආයතනය විසින් ලොව පුරා රාජ්‍යයන් හි ගමන් බලපත්‍ර ඇසුරින් කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵල පසුගියදා එළිදක්වන ලදී. වීසා ලබා ගැනීමකින් තොරව හෝ පැමිණීමේ දී වීසා (Visa on arrival) ලබා ගැනීමේ පහසුව මත මෙම වර්ගීකරණය සිදුකර තිබිණි.

    එම වර්ගීකරණයේ අවසාන තැන සිට 9 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබූ අතර එහි කියැවුණේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 39 ක් ඉක්මවූ ප්‍රමාණයකට (39+) ඉහත දක්වා ඇති ආකාරයෙන් ඇතුළත් වීමේ හැකියාව තිබෙන බවයි.

    මේ අනුව රටවල් 15 කට කිසිදු වීසා ලබාගැනීමකින් තොරව ඇතුළත් වීමේ හැකියාව ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියන්ට ලැබී තිබේ. එම රටවල් සහ වීසා රහිතව ගත කළ හැකි කාලය පහත පරිදි දැක්විය හැකිය.

    Bahamas: Visa not required – 3 months.
    Barbados: Visa not require – 6 months
    Dominica: Visa not required – 6 months.
    Ecuador: Visa not required – 90 days.
    Gambia: Visa not required – Entry clearance required.
    Grenada: Visa not required – 3 months.
    Haiti : Visa not required – 90 days.
    Iran: Visa not required – 1 month.
    Malawi: Visa not required – 30 days.
    Saint Kitts and Nevis: Visa not required
    Singapore: Visa not required – 30 days.
    Vanuatu: Visa not required – 30 days
    Saint Vincent and the Grenadines: Visa not required – 1 month
    Phú Quốc: Without a visa for up to – 30 days.
    Micronesia: Visa not required – 30 days.

    මීට අමතරව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රහිමියන්ට පැමිණෙන අවස්ථාවේ දී වීසා ලබා ගත හැකි රාජ්‍යයන් ලෙසින් පහත රාජ්‍යයන් නම් කර තිබේ.

    Bolivia: Visa on arrival – 90 days.
    Burundi: Visa on arrival – 30 days; obtainable at Bujumbura International Airport.
    Cape Verde: Visa on arrival.
    Comoros: Visa on arrival.
    Djibouti: Visa on arrival.
    Guinea-Bissau: Visa on arrival – 90 days.
    Kenya: Visa on arrival – 3 months.
    Madagascar: Visa on arrival – 90 days.
    Maldives: Visa on arrival – 30 days.
    Mauritania: Visa on arrival.
    Nauru: Visa on arrival.
    Nepal: Visa on arrival – 90 days.
    Palau: Visa on arrival – 30 days.
    Samoa: Entry Permit on arrival – 60 days
    Seychelles: Visitor’s Permit on arrival – 1 month.
    Timor-Leste: Visa on arrival – 30 days
    Togo: Visa on arrival – 7 days
    Tuvalu: Visa on arrival – 1 month
    Uganda: Visa on arrival – 3 months
    Mozambique: Visa on arrival – 30 days.
    China: 30 days VISA on arrival for Official Passport holders.

    මේ අතර සෝමාලියාවට ඇතුළත් වීමේ දී දින 30 කට වීසා ලබා ගත හැකි අතර ගුවන්තොටුපළ ආගමන දෙපාර්තුමේන්තුව වෙත අඩුම වශයෙන් එහි පැමිණීමට දින 2 කට පෙර සංචාරය සඳහා අනුග්‍රහාය දක්වන්නාගේ ආරාධනා ලිපියි ලැබීමට කටයුතු කළ යුතු වේ.

    තවද අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියන්ට පහත රටවල් සඳහා වීසා ලබා ගැනීමේ පහසුව ඇති බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

    Rwanda: Visa required – Visa is obtained online.
    Myanmar: eVisa – 28 days. eVisa holders must arrive via Yangon International Airport.
    Vietnam: Visa required – Prearranged visa obtained online through travel agencies available at Hanoi, Ho Chi Minh City or Da Nang airports.
    São Tomé and Príncipe: Visa required – Visa is obtained online.