වෙළෙඳ හිඟය අඛණ්ඩව ඉහළට

    August, 13, 2021

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ ජූනි මාසයේ දී අඛණ්ඩව සිව්වන වරටත් පුළුල් විය. 2020 වසරේ ජූනි මාසයට සාපේක්ෂව, 2021 වසරේ ජූනි මාසයේ දී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහළ අගයක පැවතුණි. වසරේ මුල් භාගය සලකා බැලීමේ දී අපනයන අංශය හිතකර වර්ධනයක් වාර්තා කළ ද, ආනයන වියදම ඉහළ වේගයකින් වර්ධනය විය. 2020 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2021 වසරේ ජූනි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පහළ ගිය අතර, සංචාරක අංශයේ ඉපැයීම් අවම මට්ටමක පැවතුණි. මූල්‍ය ගිණුම සැලකීමේ දී, මාසය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ගෙවීම් සුළු ප්‍රමාණයක් වාර්තා විය. ශ්‍රී ලංකා රුපියල 2021 වසරේ ජූනි මාසයේ දී සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණි.

    වෙළෙඳ ශේෂය

    වෙළෙඳ ගිණුමේ හිඟය, 2020 වසරේ ජූනි මාසයේ දී වාර්තා වූ ඒක්සත් ජනපද ඩොලර් මිලියන 161 ට සාපේක්ෂව, 2021 වසරේ ජූනි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ඒක්සත් ජනපද ‌ඩොලර් මිලියන 652 ක් දක්වා පුළුල් විය.

    2021 වසරේ පළමු භාගය තුළ සමස්ත වෙළෙඳ ගිණුමේ හිඟය, 2020 හා 2019 වසරවල අනුරූප කාලපරිච්ඡේද තුළ පිළිවෙලින් වාර්තා වූ ඒක්සත් ජනපද ඩොලර් මිලියන 4,316 ක් දක්වා පුළුල් විය.

    වෙළෙඳ මිල අනුපාතය

    අපනයන සහ ආනයන මිල ගණන් අතර අනුපාතය දැක්වෙන වෙළෙඳ මිල අනුපාතය, 2020 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2021 වසරේ ජූනි මාසයේ දී සියයට 16.7කින් පහළ ගිය අතර, 2020 වසරේ ජූනි මාසයට සාපෙක්ෂව, අපනයන මිල ගණන් ඉහළ යෑමට වඩා වැඩි වේගයකින් ආනයන මිල ගණන් ඉහළ යෑම මේ සඳහා හේතු විය.