ශ්‍රීලංකන් ගුවන් සේවය දේශීය සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ අත්වැල් බැඳ ගනියි

    April, 20, 2021

    ශ්‍රීලංකන් ගුවන්  සමාගමේ ශ්‍රීලංකන් හොලිඩේස් අංශය දේශීය සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සහ දෙස් විදෙස් සංචාරකයින්ට පහසුකම් සැලසීමේ අරමුණින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන Uga Escapes, Walkers, සහ Taru Villas සමඟ පසුගියදා අත්වැල් බැඳගන්නා ලදී.  ඉදිරි වර්ෂවලදී දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ විශාල වර්ධනයක් බලාපොරොත්තු වන අතර මෙම නව සම්බන්ධතා තුළින් අපගේ ගනුදෙනුකරුවන්ගේ නිවාඩු අත්දැකීම් වලට වටිනාකමක් එක් කිරීමට ද හැකියාව ලැබෙනු ඇත.

    මෙම නව සංචාරක උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම හරහා දේශීය හා අභ්‍යන්තර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත්, එමඟින් කොරෝනා වසංගතයෙන් පීඩා විඳි දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීමටත් හැකිවෙනු ඇතැයි ශ්‍රීලංකන් හොලිඩේස් බලාපොරොත්තු වෙයි. තවද  මෙරට සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්තයින් තිදෙනෙකු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් සිය ගනුදෙනු කරුවන්ට හෝටල් සඳහා ආකර්ෂණීය මිල ගණන් ඉදිරිපත් කිරීමේ හැකියාව ද  උදා වනු ඇති බව ශ්‍රීලංකන් හොලිඩේස් අංශය අපේක්ෂා කරයි.

    ශ්‍රීලංකන් ගුවන් සේවය Uga escapes, Walkers, සහ Taru villas සමඟ ගිවිසුම් අත්සන් කිරීම මඟින් රට තුළට පැමිණෙන සංචාරකයින් සහ සංචාරක කර්මාන්තය දියුණුවට පත්කිරීමේ හැකියාව උදා වන අතරම සංචාරක ව්‍යාපාරය දිවයිනෙන් පිටතට ගෙනයාමට එය දායක වනු ඇත.

     

    ඡායාරූපය - වමේ සිට දකුණට: UGA ESCAPES මැනේජ්මන්ට් පුද්ගලික සමාගමේ විකුණුම් කළමනාකරු, නිලිකා ද අල්විස්, එහි විකුණුම් හා අලෙවිකරණ උප සභාපති Marcelline Paul, ශ්‍රීලංකන් හොලිඩේස් කළමනාකරු බුද්ධික හේවාවසම්, ශ්‍රීලංකන් හොලිඩේස් විකුණුම් කළමණාකරු අසේල අබේපිටිය,ශ්‍රීලංකන් හොලිඩේස් විකුණුම් කළමනාකරු විරාස්මි අහර් යන මහත් මහත්මීන් ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

    (වමේ සිට) –ජෝන් කීල්ස් සමූහයේ සහකාර උප සභාපති කිෂාන් තෝමස් , එක්සත් රාජධානියේ සහ ජර්මනියේ විකුණුම් හා මෙහෙයුම් අංශ ප්‍රධානී, Benlux & North Europe of Walkers Tours Limited , ශ්‍රීලංකන් හොලිඩේස් විකුණුම් කළමනාකරු විරාස්මි අහර්,  ජෝන් කීල්ස් සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශයේ ප්‍රධාන විධායක නිලධාරී නාලක අමරතුංග, ශ්‍රීලංකන් හොලිඩේස් කළමනාකරු බුද්ධික හේවාවසම් , ශ්‍රීලංකන් හොලිඩේස් විකුණුම් කළමණාකරු අසේල අබේපිටිය යන මහත් මහත්මීන් ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

    (වමේ සිට) ශ්‍රීලංකන් හොලිඩේස් විකුණුම් කළමනාකරු විරාස්මි අහර්, සීමාසහිත Taru Villas (පුද්ගලික) වෙළඳ නාම / සන්නිවේදන සහ මහජන සම්බන්ධතා මහිකා චන්ද්‍රසේන, ශ්‍රීලංකන් හොලිඩේස් කළමනාකරු බුද්ධික හේවාවසම් , ශ්‍රීලංකන් හොලිඩේස් විකුණුම් කළමණාකරු අසේල අබේපිටිය සීමාසහිත Taru Villas (පුද්ගලික) හි සහකාර කළමනාකරු, විකුණුම් රොබින් ටෙරන්ස් යන මහත් මහත්මීන් ඡායාරූපයකට පෙනී සිටි අයුරු.