ශ්‍රී ලංකාවේ කොස්වලින් සිංගප්පූරු සමාගමක් pork හදයි. බිලියන් ඩොලර් ව්‍යාපාරයකට මුලපිරීමක්

    April, 7, 2021

    මස් වෙනුවෙන් වූ විකල්පයන් වෙත අද වන විට ලොව පුරා නැඹුරුවක් දැකිය හැකිවේ. මස් පරිභෝජනයේ පෝෂණ හා පාරිසරික බලපෑම් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමත් සමඟම, නිෂ්පාදකයින් සහ පාරිභෝගිකයින් ප්‍රෝටීන් සඳහා අඛණ්ඩ ඉල්ලුම සපුරාලීම සඳහා විවිධ ප්‍රභවයන් වෙත යොමුවෙමින් සිටී.

    Dan Riegler මොවුන්ගෙන් එක් අයෙකි. Karana හි සම නිර්මාතෘවරයායි. Karana යනු මුළුමනින්ම ශාක ආහාර මත පදනම් කර ගත් මස් වෙළෙඳ නාමයකි. එය සිංගප්පූරු start-up එකකි. Dan Riegler පවසන්නේ ඌරු මස් යනු කලාපයේ වැඩි වශයෙන් පරිභෝජනය කරන මාංශ වර්ගය වන බවත් ඒ සඳහා අවශ්‍යතාවය සපුරාලන ආදේශක මෙතෙක් දැකීමට නොමැති බවත්ය. ලෝක ඌරු මස් නිෂ්පාදනයෙන් හා පරිභෝජනයෙන් අඩක්ම ආසියාව තුළ සිදුවන අතර වැඩිම ඉල්ලුම ඇත්තේ චීනයෙනි.

    මෙහිදී Riegler සහ ඔහුගේ සම-නිර්මාතෘ Blair Crichton මීට පෙර ශාක පදනම් කරගත් මස් සඳහා විකල්ප නිෂ්පාදනය කිරීමට පෙළඹුණි. එහි ප්‍රතිඵලයක් ලෙසින් මෙම දෙපළ විසින් ඌරු මස් සඳහා ආදේශකයක් සොයා ගැනීමට සමත් වෙයි. එය ශ්‍රී ලංකාවෙන් ලබාගන්නා කොස්වලින් සාදනු ලබන්නකි.

    Karana පසුගිය 2020 ජූලි මාසයේ දී Big Idea Ventures ඇතුළු ආයෝජකයින්ගෙන් ඩොලර් මිලියන 1.7 ක අරමුදලක් සම්පාදනය කර ගැනීමට සමත්ව ඇත. මෙය සිංගප්පූරුවේ රාජ්‍ය ආයෝජන සමාගමක් වන Temasek සහ එක්සත් ජනපදයේ මාංශ සමාගමක් වන Tyson Foods ඇතුළු ආයෝජකයින්ගෙන් සමන්විත ශාක පදනම් කරගත් ආහාර සඳහා කැප වූ අරමුදලකි.

    මේ සම්බන්ධයෙන් CNBC Make It පළ කළ වීඩියෝවක් පහතින් දැක්වේ.