ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම භෝජනාගාර රැසක් එක් කළ City of Dreams Sri Lanka හි අසමසම අත්දැකීම

    June, 10, 2026

    අතීතයේ පටන්ම විවිධ රසයෙන් යුත් ආහාර පාන සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ කොළඹ නගරය වීදි ආහාරවල සිට විවිධ වර්ගයේ කෑම වර්ග සඳහා සුවිශේෂී ස්ථානයක් විය. ඒ නිසාම එම ආහාරයන් රස විඳීමට කොළඹට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ද බොහෝමයක් විය. කොළඹ නගරයේ මෙම සුවිශේෂී අනන්‍යතාවයට පරිවර්තනීය වෙනසක් එක් කිරීමට සමත් වූයේ කොළඹ ආහාර විශිෂ්ටත්වයේ නව යුගයක් සනිටුහන් කරමිනි.

    දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka සුඛෝපභෝගී සංචාරක සේවයක් සමඟින් විනෝදාස්වාදය, සාප්පු සවාරි මෙන්ම ශාරීරික සුවතාව එකම වහලක් යටදී සලසා ගැනීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත උදා කර දී ඇත. සෑම සංස්කෘතියක්ම ආවරණය කරමින් විවිධ වර්ගයේ ආහාර පාන තුලින් සිය පාරිභෝගිකයින් පිනවීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් කටයුතු කරන මෙහි Nuwa සහ Cinnamon Life යන හෝටල් දෙක තුළ ඇති එකිනෙකට වෙනස් ආහාරමය අත්දැකීම් සලසා ගත හැකි අවන්හල් 16ක් තුලින් තමන් කැමති රසයක් භුක්ති විඳීමට අවස්ථාව උදා කර දී තිබේ.

    මෙහි ඇති සුඛෝපභෝගී ආපනශාලා අතරින් Sapphire Dragon ආපනශාලාවට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. . එය චීන ආහාර සම්ප්‍රදායන් සහ නවීන විලාසිතාවන් මැනවින් ගළපා සකස් කළ ඉහළ පෙළේ Cantonese ආපනශාලාවකි. එහි ඇති අලංකාර අභ්‍යන්තර සැරසිලි, ආකර්ෂණීය ආහාර පිළිගැන්වීම සහ ආහාර සඳහා යොදාගන්නා උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතය නිසා, එය කොළඹ නගරයේ විශිෂ්ටතම ආසියානු ආහාර අත්දැකීමක් ලෙස සලකනු ලබයි.

    ජපන් ආහාර කලාව පිළිබඳව කතා කිරීමේදී Yoroko ආපනශාලාවට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි.  Robatayaki ක්‍රමයට කෑම පිසීම සහ නවීන ජපන් රසයන් නිසා කාර්යබහුල මෙන්ම ආකර්ෂණීය වටපිටාවක් නිර්මාණය වී ඇති මෙය ටෝකියෝ නගරයේ ආපනශාලාවන්හි ජවය කොළඹට ගෙන එන්නේ කොළඹ ආහාර සංස්කෘතියට නැවුම් අරුතක් එක් කරමිනි.

    Bistro des Marées ආපනශාලාව මධ්‍යධරණී මුහුදුකරයේ ආභාසය ලබාගත් මුහුදු ආහාර සංකල්පයක් ඔස්සේ කොළඹ නගරයේ වෙරළබඩ අනන්‍යතාවය මැනවින් ඉස්මතු කරයි. නැවුම් බව, අලංකාරය සහ සරල බව කෙරෙහි ප්‍රමුඛත්වය දී ඇති මෙම ආපනශාලාව උසස්ම තත්ත්වයේ කෑම පිළියෙල කිරීමේ කලාව රැකගනිමින්, සැහැල්ලු සහ නිදහස් වටපිටාවක සුඛෝපභෝගී ආහාර අත්දැකීමක් විඳීමට අමුත්තන්ට අවස්ථාව සලසා දෙයි.

    උසස්ම තත්ත්වයේ මස් වර්ග සහ බටහිර පන්නයේ මනා රසයන්ට ප්‍රිය කරන්නන් සඳහා වන Staten Bar & Grill ආපනශාලාව සාම්ප්‍රදායික steakhouse අත්දැකීමක් හඳුන්වා දෙයි. මෙය උසස් මෙන්ම ඕනෑම කෙනෙකුට පහසුවෙන් යා හැකි ස්ථානයකි. එමඟින් ව්‍යාපාරික කටයුතුවලට සහ විනෝදය සඳහා පැමිණෙන, සුඛෝපභෝගී මෙන්ම සුවපහසු ආහාර වේලක් බලාපොරොත්තු වන අමුත්තන් දෙපිරිසටම අවශ්‍ය සේවාව සපයයි.

    දවස පුරා විවෘතව පවතින Quizine ආපනශාලාව සතු සජීවී කෑම පිසීමේ ස්ථාන හරහා ලොව වටා විවිධ රසයන් එකම වහලක් යටට ගෙන එයි. නවීන සංචාරක ලෝකයේ ඇති විවිධ සංස්කෘතීන් නිරූපණය වන පරිදි නිර්මාණය කර ඇති මෙම ආපනශාලාව, ආහාර වේලක් ගැනීම යනු නව රසයන් සොයා යන අන්තර්ක්‍රියාකාරී ගමනක් බවට පත් කරයි.

    NUWA හි The Crystal Lounge වඩාත් පෞද්ගලික සහ සුඛෝපභෝගී වටපිටාවක් සමඟින් උසස් තත්ත්වයේ තේ පැන් සංග්‍රහයන්, ප්‍රණීත බීම වර්ග සහ පුද්ගලික සාකච්ඡා සඳහාම විශේෂයෙන් සකසා ඇත. මෙමඟින් NUWA සන්නාමයට ආකර්ෂණීය පෙනුමක් මෙන්ම පාරිභෝගිකයන්ට සුන්දර අත්දැකීමක්ද උරුම කර දෙනු ඇත.

    මීට අමතරව රාත්‍රී විනෝදාස්වාදය උදෙසාම වෙන්ව ඇති සාම්ප්‍රදායික බීම වර්ගයන්ගෙන් මෙන්ම සංගීතයෙන් පිරුණු Flux අවන්හල මෙන්ම Dreams & Beats අවන්හලද මෙහිදී ඉතා වැදගත් වේ.

    තමන් කැමති විනෝදාස්වාද පානයන් රිසි සේ රස විඳිය හැකි The Vault මෙන්ම ආදරණීය හමුවීම් හා සැඳැවන් සඳහාම වෙන්ව ඇති වයින් වර්ගයන්ට වඩාත් ප්‍රසිද්ධ Cloud Wine ද මෙහි තවත් සුවිශේෂී අවන්හල් දෙකකි.

    ක්‍රීඩා සහ විනෝදාස්වාදය වෙනුවෙන් ම නිර්මාණය කර ඇති Spice8 කාර්යබහුල වටපිටාවක් තුළ ආසියානු රසයෙන් පාරිභෝගිකයින් පිනවන්නට සමත්ව ඇත්තේ පැය 24 පුරාම අවශ්‍ය සේවාවන් සලසා දෙමිනි.

    මීට අමතරව සරල කැෆේ සංස්කෘතිය පාරිභෝගිකයින් වෙත ගෙන එන Sweet Lab වැනි අවන්හල් තුලින් අමුත්තන්ට අවශ්‍ය අතුරුපස, ප්‍රේස්ටි්‍ර සහ විවිධ බීම වර්ග රස විඳීමට හැකි වනු ඇත.