ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි

    June, 17, 2026

    ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව සිදු කිරීම සහ ආපදා ප්‍රතිචාර හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, නෙදර්ලන්තයේ පිහිටි ලොව ප්‍රමුඛතම Rescue Solutions නිෂ්පාදකයෙකු වන Holmatro Rescue සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට Marlbo Trading Company සතුටින් නිවේදනය කරයි.

    ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම මාර්ග අනතුරු, ගිනි අනතුරු, කර්මාන්තශාලා හදිසි අවස්ථා, ගොඩනැගිලි කඩාවැටීම් සහ ස්වභාවික ආපදා හේතුවෙන් විශාල පිරිසක් මිය යන අතර තවත් දහස් ගණනක් තුවාල ලබති. මෙම අවස්ථාවන් බොහොමයකදී ජීවිත බේරාගැනීම සඳහා ඉතා වේගවත් සහ කාර්යක්ෂම ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.

    හදිසි අවස්ථාවකදී සෑම තත්පරයක්ම වටිනා වේ. වාහනයක සිරවී සිටින පුද්ගලයෙකු වෙත ප්‍රවේශ වීම, ගිනිගත් ගොඩනැගිල්ලකට ආරක්ෂිතව ඇතුළු වීම, කඩා වැටුණු ව්‍යුහයක් තුළ සිරවී සිටින පුද්ගලයන් වෙත ළඟාවීම හෝ ආපදා අවස්ථාවකදී වේගවත් ප්‍රතිචාර දැක්වීම වැනි කාර්යයන් සඳහා නවීන Rescue Tools අත්‍යවශ්‍ය වේ.

    ලොව පුරා දියුණු රටවල්වල ගිනි නිවීම් සහ ගැලවීමේ සේවාවන්, ගුවන් තොටුපළ ගැලවීමේ ඒකක, හමුදා, පොලිස් විශේෂ ඒකක සහ ආපදා කළමනාකරණ කණ්ඩායම් අද වන විට නවීන Rescue Technologies භාවිතයෙන් ගැලවීමේ කාලය අවම කරමින් ජීවිත රැකගැනීමේ සාර්ථකත්වය ඉහළ නංවා ඇත.

    වසර 50කට අධික කාලයක් පුරා Holmatro Rescue විසින් ලොව රටවල් 100කට අධික සංඛ්‍යාවක හදිසි ප්‍රතිචාර ආයතන සඳහා Vehicle Extrication Tools, Forcible Entry Solutions, Technical Rescue Equipment සහ Disaster Response Systems සපයා ඇති අතර, ගෝලීයව විශ්වාසදායක Rescue Brand එකක් ලෙස පිළිගැනේ.

    ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, Marlbo Trading Company විසින් Holmatro Fire & Rescue Seminar & Live Practical Demonstration වැඩසටහන සංවිධානය කර ඇත.

    මෙම වැඩසටහන තුළ පහත මාතෘකා ආවරණය කෙරේ.

    • Vehicle Extrication සඳහා නවීන Hydraulic Rescue Tools
    • ගිනි නිවීම් සහ හදිසි ප්‍රතිචාර සේවාවන් සඳහා Rescue Solutions
    • නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ ආරක්ෂක මෙහෙයුම් සඳහා Forcible Entry Tools
    • ගොඩනැගිලි කඩාවැටීම් සහ ආපදා තත්ත්වයන් සඳහා Rescue Equipment
    • Holmatro Rescue Technologies පිළිබඳ Live Practical Demonstrations

    මෙම වැඩසටහන සඳහා ගිනි නිවීම් හා ගැලවීමේ සේවාවන්, මහ නගර සභා, ගුවන් තොටුපළ ගැලවීමේ ඒකක, ත්‍රිවිධ හමුදා, පොලිසිය, ආපදා කළමනාකරණ ආයතන, කර්මාන්තශාලා හදිසි ප්‍රතිචාර කණ්ඩායම්, වරාය හා උපයෝගිතා ආයතන සහ ආරක්ෂක වෘත්තිකයන් සහභාගී වීමට අපේක්ෂා කෙරේ.

    Marlbo Trading Company ප්‍රකාශකයෙකු සඳහන් කළේ,

    අද හදිසි ආපදා අවස්ථාවන් වඩාත් සංකීර්ණ වන බැවින් නවීන Rescue Equipment සහ Rescue Techniques වල අවශ්‍යතාවය පෙර කවරදාටත් වඩා වැඩි වී ඇත. Holmatro Rescue සමඟ අපගේ සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිචාර ආයතන වෙත ලෝක මට්ටමේ Rescue Solutions හඳුන්වා දීමෙන් ජීවිත රැකගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමට අප බලාපොරොත්තු වෙමු.”

    මෙම වැදගත් හඳුන්වාදීම සනිටුහන් කරමින්, සම්මන්ත්‍රණයට පෙර විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිචාර ක්ෂේත්‍රය මුහුණදෙන අභියෝග, Holmatro Rescue විසඳුම් සහ නවීන Rescue Technologies වල වැදගත්කම පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කෙරේ.