May, 17, 2026
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාවකට පසුගිය අප්‍රේල් 09 දා එළඹෙන ලදී.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එළඹෙන මැයි 27 දා මෙම සමාලෝචනය සලකා බැලීමට නියමිත අතර එහිදී විධායක මණ්ඩලයේ අනුමැතියෙන් පසු එක්සත් ජනපද ඩොලර් මිලියන 700ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමිවනු ඇත.
විධායක මණ්ඩලයේ සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 508ක් (එ.ජ. ඩොලර් මිලියන 700ක් පමණ) ලබා ගැනීමට ප්‍රවේශය හිමි වනු ඇති අතර, එමගින් මෙම පහසුකම යටතේ ජා.මූ. අරමුදල මගින් ලබා දුන් මුළු මූල්‍යන සහාය වි.හැ.හි. මිලියන 1,778ක් (එ.ජ. ඩොලර් බිලියන 2.4ක් පමණ) දක්වා ඉහළ යනු ඇත.
Video Story