June, 17, 2026
ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක, හිටපු පකිස්තාන ක්‍රිකට් නායක වසීම් අක්‍රම් පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි අතර එහිදී මෙරට ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් සමඟ සන්නාම තානාපතිවරයෙකු ලෙසින් අත්වැල් බැඳගත්තේය.
සොෆ්ට්ලොජික් ලයිෆ් සන්නාම තානාපතිවරයා ලෙසින් වසීම් අක්‍රම් නිරූපණයේ යෙදෙන නවතම වෙළෙඳ දැන්වීමක්, ඔහුගේ මෙම සංචාරය අතරතුර රූපගත කෙරුණු අතර එය ඊයේ (16) කොළඹ දී පැවති Softlogic Life Investor Forum හිදී එළිදක්වන ලදී.
මේ අතර ඊයේ පැවති Softlogic Life Investor Forum අමතමින් මෙම ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයා කියා සිටියේ, “ශ්‍රී ලංකාව ලොව අංක එකේ සංචාරක ගමනාන්තය“ විය යුතු බවයි. තමන් ලොව පුරා සංචාරය කර ඇති නමුත්, ශ්‍රී ලංකාව ඒ සියල්ලටම වඩා සුවිශේෂී බවත් ඔහු මෙහිදී කියා සිටියේය.
"In my opinion, Sri Lanka should be the number one holiday destination in the world. Because I have seen the world. But this place takes the cake."
Video Story