ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව නිකුත් කරයි

    April, 30, 2021

    1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35වන වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 71 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (30) දින පිළිගන්වන ලදී.

    මුදල් නීති පනත අනුව සෑම වර්ෂයකම අප්‍රේල් 30 වන දින හෝ ඊට ප්‍රථම මුදල් අමාත්‍යවරයාට මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පිළිගැන්විය යුතු වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.ඒම්.ඒම්. සිරිවර්ධන සහ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර යන මහත්වරු ද මේ අවස්ථාවට ඒක්විය.