November, 3, 2022
මෙරට ශ්‍රමිකයින් සදහා කොරියානු ධීවර අංශයේ වැඩි රැකියා ප්‍රමාණයක් ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කොරියානු ජාත්‍යන්තර සමුපකාර ධීවර සංවිධානයේ සභාපති Im Joon Taek මහතා සමඟ ඉතා ඵලදායී හමුවක් පැවැත්වූ බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
මෙහිදී ධීවර පවුල්වල සාමාජියන්ට මෙම රැකියා අවස්ථා විවෘත කිරීම පිළිබඳව හා ඊට අවශ්‍ය වීසා ලාංකික ශ්‍රමිකයින්ට විවෘත කිරීම ගැනත්, ධීවර රැකියා සදහා යන ශ්‍රමිකයින් එම සේවා ස්ථානවලින් පැන යාම වැලැක්වීමට ගත හැකි පියවර ගැනත් අවධානය යොමු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව ධීවර රැකියාවල නිරත ශ්‍රමිකයින් සදහා වඩාත් යහපත් සේවා තත්වයක් ඇතිකිරීමට රාජ්‍ය මට්ටමෙන් මැදිහත්වීමට අවශ්‍ය පියවර ගැනීමටද කටයුතු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කර සිටී.
Video Story