සංස්කෘතික සහයෝගීතාව නංවන්න මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

    April, 22, 2021

    ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට තීරණය කර තිබේ. මාලදිවයිනේ ශ්‍රී ලංකා, මහ කොමසාරිස් රෝහණ බැද්දගේ මහතා සහ මාලදිවයිනේ සංස්කෘතික, කලා හා උරුමය පිළිබඳ අමාත්‍යවරිය වන යුම්නා මෞමූන් මහත්මිය අතර ඉකුත් 15 දා පැවැති අන්තර්ජාල හමුවේදී මෙම තීරණයට එළඹ තිබේ.

    එම හමුව අතරතුර, මහ කොමසාරිස් බැද්දගේ මහතා සංස්කෘතික සහයෝගීතාව, පුද්ගල සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා මෙන්ම, පවත්නා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා දෙරටෙහි සංස්කෘතිය හා ජනවාර්ගිකත්වය විදහා දක්වමින් ශුද්ධ වූ රාමසාන් මාසයෙන් පසුව අන්තර්ජාල වැඩසටහනක් පැවැත්වීමට යෝජනා කරන ලදී. එම වැඩසටහනෙහි දළ සැලැස්ම පිළිබඳව මහකොමසාරිස්වරයා අමාත්‍යවරිය දැනුවත් කළ අතර, දැනට ශ්‍රී ලංකා පාර්ශවයෙන් නිරීක්ෂණ මට්ටමෙහි පවතින සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම සකස් කර අවසන් කිරීමේ ඉඩකඩ පිළිබඳවද අවධාරණය කළේය.

    එහිදී අමාත්‍යවරිය යුම්නා, සිය සහයෝගය පිළිබඳව සහතික කරමින් මහ කොමසාරිස්වරයාගේ යෝජනාවට එකඟ වූ අතර, සංශෝධිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නුදුරේදීම ක්‍රියාත්මක වනු ඇතැයිද අපේක්ෂාපළ කළාය. වසංගත තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී අන්තර්ජාල වැඩසටහන සුදුසුමඑකක් බවදඅවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට සමගාමීව එය පැවැත්විය හැකි බවටද අමාත්‍යවරිය කැමැත්ත පළ කරමින් සඳහන් කළාය. එමෙන්ම, කලා, සංස්කෘතික හා උරුමයන් අමාත්‍යාංශයේ විෂය පථයට අයත් අංශ පිළිබඳව අමාත්‍යවරිය එහිදී විස්තර කළාය. උරුමය සංරක්ෂණය කිරීම හා ආරක්ෂා කිරීම අනිවාර්යයෙන් අමාත්‍යාංශයට පැවරී තිබේ. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර බොහෝ සංස්කෘතික බැඳීම් ඇති බැවින් හා දෙරට අතර අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන බොහෝ ක්ෂේත්‍රයන්හි සහයෝගයෙන් කටයුතු කර තිබෙන බැවින්රටවල් ද්විත්වය සතුවම එක්ව වැඩ කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් පවතී.

    ඔවුන් සතුව ජාතික ලේඛනාගාරය, ජාතික කලා කලා මධ්‍යස්ථානය, සංස්කෘතික උරුමයන් සඳහා වූ ජාතිකමධ්‍යස්ථානය, ජාතික පුස්තකාලය, දීවේහි භාෂා මධ්‍යස්ථානය සහ ජාතික වර්ගීකරණ කාර්යාංශය ඇති බවඇමැතිනී යුම්නා ප්‍රකාශ කළාය. එමෙන්ම, යුනෙස්කෝවේ යාවත්කාලීන ලැයිස්තුවේ සඳහන් මාලදිවයිනේකොරල් ගල් පල්ලිය ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී. ශ්‍රී ලංකාවට මෙමඅංශවලින් මෙන්ම සංරක්ෂණය හා පුරාවිද්‍යාව සම්බන්ධ විශේෂඥ දැනුමක් පවතින බව අමාත්‍යවරිය තුළ විශ්වාසය පවතී. මෙකී ක්ෂේත්‍ර මාලදිවයිනට ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කළ හැකි ක්ෂේත්‍ර වන අතර,මාලදිවයිනේ ජාතික ලේඛනාගාරය මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික ලේඛනාගාරය සමග කටයුතු කරන බවදඇය සඳහන් කළාය. එමෙන්ම, ඓතිහාසික පුරාවස්තු, ප්‍රතිසංස්කරණය, මෙන්ම, මෙම පුරාවස්තු සංරක්ෂණයසහ ජාතික ලේඛනාගාරයේ ලේඛන උරුමය ආදී ක්ෂේත්‍ර තාක්ෂණික විශේෂඥ දැනුම අවශ්‍ය අංශ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. තවද, මාලදිවයිනට ශ්‍රී ලංකාව සමග කටයුතු කළ හැකි ආයතනයන්හි ප්‍රමුඛතා ලැයිස්තුවක් ලෙසින්, ජාතික පුස්තකාලය, ළමා පුස්තකාලය, ජාතික වර්ගීකරණ කාර්යාංශය ඇය විසින් සඳහන් කරන ලදී.

    මාලදිවයින්-ශ්‍රී ලංකා සංස්කෘතික සහයෝගීතාව නව මානයකට ඔසවා තැබීම සඳහා ප්‍රමුඛතා ක්ෂේත්‍රකෙරෙහි අවධානය යොමු කිරීමට ඇමැතිනී යුම්නා මහත්මිය සහ මහ කොමසාරිස් බැද්දගේ මහතා එකඟවූහ.

    මාලදිවයින දූපත් 1192 කින් සමන්විත වන අතර, ක්‍රි.පූ. 300 තරම් ඉතිහාසයක් සහිත සුවිශේෂී සංස්කෘතියක් හා බුදු දහම සහ ඉස්ලාම් දහම අතර සමීප සබඳතා පවත්නා රටකි.