සම්පත් බැංකුවේ දෙවැනි වැඩි අයිතිය ප්‍රභාෂ් සුභසිංහට

    March, 4, 2021

    මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයෙකු වන ප්‍රභාෂ් සුභසිංහ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුවේ විශාලතම කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට පැමිණ තිබේ.

    මේ බව තහවුරු කරමින් CTCLSA කොටස් තැරැව්කාර සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ, සිය සේවාදායකයා වන Ayenka Holdings Ltd විසින් සම්පත් බැංකුවේ, කොටස් මිලියන 38.14 ක් හෙවත් 10% ක ප්‍රමාණයක් තහවුරු කර ගෙන ඇති බවයි.

    Ayenka Holdings Ltd යනු ප්‍රභාෂ් සුභසිංහ මහතා විසින් 2016 වසරේ දී ආරම්භ කරන ලැබූ ආයෝජන සමාගමකි. එය Global Rubber Industries, Global Sea Foods හා Global Fisheries සමාගම්වල අනුබද්ධිත සමාගමකි.

    Ayenka Holdings Ltd මේ වන විට Ceylinco Insurance PLC, Sanasa Development Bank, Pan Asia Power, NPH Development Pvt Ltd, Sampath Bank PLC හා Resus Energy PLC යන සමාගම් හි සිය උපක්‍රමික ආයෝජන ව්‍යාප්ත කර ඇත.

    ප්‍රභාෂ් සුභසිංහ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ද වේ.