සම්භාණ්ඩ සහ රබර් ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් උපදේශක කමිටුවක්

    March, 29, 2021

    කර්මාන්ත පනතෙන් නියම කර ඇති පරිදි කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක කරවිය යුතු කර්මාන්ත ක්ෂේත්ර 20 ආවරණය වන ලෙස උපදේශක කමිටු පිහිටුවීමේ වැඩසටහන යටතේ 19 වන උපදේශක කමිටුව ලෙස සම්භාණ්ඩ සහ රබර් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්රය ආශ්රිත ගැටළු පිළිබඳව සාකච්ජා කිරීමට ක්ෂේත්රයට අදාළ ආයතන සහ එම ක්ෂේත්රයට අදාළ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (29) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශයේදී පැවැත්විණි.
    මෙම උපදේශක කමිටු පිහිටුවීමේ අරමුණ අදාළ කර්මාන්ත ක්ෂේත්රයට අදාළ කෙටිකාලීන සහ දීර්ඝකාලීන ප්රතිපත්ති සැකසීම සහ කර්මාන්තකරුවන්ගේ ගැටලු විසදමින් ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීම බව පැමිණි සිටි කර්මාන්තකරුවන් අමතා අමාත්යවරයා කියා සිටියේය. සම්භාණ්ඩ සහ රබර් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයට බලපාන ඉඩම් ගැටළු, බදු ආශ්රිත ගැටළු සහ බදු සහන ලබා ගැනීම පිළිබද මෙම සාකච්ජාවේදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරුණු අතර අමාත්යවරයා කියා සිටියේ හැමවිටම කර්මාන්තකරුවන් වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තමන් සුදානම් බවයි. කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා මැදිහත්වී ආනයනික පාවහන් සදහා බදු පනවා දේශීය පාවහන් කරුවා සුරැකීමට ගත ඉදිරි පියවර පිළිබදව කර්මාන්තකරුවෝ අමාත්යවරයාට ස්තුතිය පුද කළේය.
    මෙම ක්ෂේත්රය ආශ්රිතව පුහුණු ශ්රමිකයන් අවම වීම විශාල ගැටළුවක් බව කර්මාන්තකරුවෝ කියා සිටි අතර කර්මාන්ත අමාත්යාංශයට අනුබද්ධ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා පුහුණු ශ්රමිකයන් මෙම ක්ෂේත්රයට සමබන්ධ කරදෙන ලෙස අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. දේශීය පාවහන් ජාත්යන්තර වෙළදපොල දක්වා ගෙන යා හැකි යාන්ත්රණයක් සැකසීමේ වැදගත්කමද අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදි.
    මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ ලේකම් අනූෂ පැල්පිට, අතිරේක ලේකම් එස්.එල් නසීර්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, රාජ්ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහ සම්භාණ්ඩ සහ රබර් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ කර්මාන්තකරුවෝ ඇතුළු පිරිසක් සහභාගී වූහ.