සමාගම් 9 කට කොටස් වෙළෙඳපොළ තහනම් වන ලකුණු

    March, 22, 2021

    2021 මාර්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි ලැයිස්තුගත සමාගම් 9 ක කොටස් ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.

    Bimputh Finance PLC, Paragon Ceylon PLC, Ceylon Printers PLC,  Radient Gems International PLC, Mackwoods Energy PLC, Sinhaputhra Finance PLC, Standard Capital PLC, Tess Agro PLC හා Office Equipment PLC යන සමාගම්වල කොටස් ගනුදෙනු මෙලෙස අත්හිටුවීමට නියමිතය.

    2020 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා අදාළ වාර්ෂික වාර්තා, කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමට මෙම සමාගම් අපොහොසත් වීම මෙකී තීරණයට හේතු වී තිබේ.

    කොළඹ කොටස් වෙළෙඳපොළ වැඩිදුරටත් පවසන්නේ 2021 මාර්තු 30 හෝ එදිනට පෙර අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමට මෙම සමාගම් අපොහොසත් වුවහොත් 2021 මාර්තු 31 දින සිට එම සමාගම්වල කොටස් ගනුදෙනු අත්හිටුවීමට නියමිත බවයි.