සැබෑ තොරතුරු ඉදිරියේ දී හෙළිකරනවා – සංගා

    March, 7, 2021

    'ලෝක පූජිත ක්‍රීඩකයාගේ බිරිඳ කෝටි ගාණක රජයේ ඉඩමක් ගිල්ල හැටි' මැයෙන් සති අන්ත පුවත්පතක පළ වූ ලිපියක් මේ වන විට කතාබහට ලක් වී ඇත.

    මේ පිළිබඳව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර විසින් සිය නිල ෆේස්බුක් පිටුව හරහා ප්‍රතිචාර දක්වා තිබේ.

    "මා හා බිරිය සම්බන්ධ පුවතක් අන්තර් ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතී. එම පුවත ද්වේශ සහගත හා අසත්‍ය එකකි. ඒ සම්බන්ධයෙන් සෑබෑ තොරතුරු ඉදිරියේදී හෙළිකරමි." යනුවෙන් එහි සටහනක් ඇත.

     

    මා හා බිරිය සම්බන්ධ පුවතක් අන්තර් ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතී. එම පුවත ද්වේශ සහගත හා අසත්‍ය එකකි. ඒ සම්බන්ධයෙන් සෑබෑ තොරතුරු ඉදිරියේදී හෙළිකරමි.

    Posted by Kumar Sangakkara on Saturday, March 6, 2021