සියැට් කැලණි ට‍්‍රක්, බස් රේඩියල් ටයර් නිෂ්පාදනය 125% කින් ඉහළට

    April, 14, 2021

    • පළමු අදියරේදී නිෂ්පාදනය 65% කින් ඉහළට
    • දෙවැනි අදියර සමඟ 2021 ජුනි සිට ධාරිතාවය 125% කින් ඉහළ නංවයි

    ආනයන සීමාවන් තුළින් විදේශ විනිමය ඉතිරිකර ගැනීමට රජය ගෙන යමින් තිබෙන ජාතික උත්සාහයට තවදුරටත් සහයෝගය දක්වමින් ජුනි මාසය වන විට සියැට් ට‍්‍රක් බස් රේඩියල් (TBR) ටයර් සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩිකිරීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම කටයුතු කර තිබෙන බව නිවේදනය කර ඇත.

    ට‍්‍රක්රථ, ප‍්‍රයිම් මූවර්ස් සහ බස් රථ සඳහා යොදාගන්නා සියැට් Winmile AW 10.00 R 20 ප‍්‍රමාණයෙන් යුතු ටයර් නිෂ්පාදනය අදියර දෙකක් යටතේ ඉහළ දමමින් වසරකට ටයර් 18,000 ක නිෂ්පාදන ධාරිතාවය ටයර් 40,200 ක් දක්වා වැඩි කරන බව සමාගම සඳහන් කරයි. මෙම නිෂ්පාදනය ඉහළ දැමීමත් සමග මෙම අංශයේ මෙරට ටයර් අවශ්‍යතාවයෙන් 42% ක ප‍්‍රමාණයක් සැපයීමට සියැට් සමත්වනු ඇත.

    සියැට් Winmile AW ශ‍්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන ට‍්‍රක් බස් රේඩියල් ටයරය වන අතර නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කිරීමට, නිෂ්පාදන පරාසය සහ ගුණාත්මක තත්ත්වය ඉහළ දැමීමට, සමාගම විසින් මීට වසර තුනකට පෙර රුපියල් බිලියන 03 ක මුදලක් ආයෝජනය කර තිබේ. සියැට් සමාගමේ ට‍්‍රක් බස් රේඩියල් ටයර් නිෂ්පාදනය 2019 අපේ‍්‍රල් මාසයේ සිට ආරම්භ කළ අතර තවත් ටයර් නිෂ්පාදන යන්ත‍්‍ර තුනක් සවිකිරීමට සමාගම කටයුතු කර ඇත.

    ‘අපගේ මුල්ම ආයෝජන සැලැස්ම දියත් කරනු ලැබුවේ රජය විසින් තෝරාගත් භාණ්ඩ සඳහා තාවකාලික ආනයන සීමා පැනවීමට පෙරයි. නමුත්, මෙම ආනයන සීමා නිසා වෙළෙඳපොළ ඉල්ලූම සපුරාලීම සඳහා එසේ සීමාකර ඇති ටයර් වර්ගවල සහ ප‍්‍රමාණයන්වල නිෂ්පාදනය ද වැඩිකිරීමට අප අඛණ්ඩව කටයුතු කර තිබෙනවා,’ යනුවෙන් මෙම පුළුල් කිරීමේ කටයුතු පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා පැවසීය. ‘ට‍්‍රක් සහ බස්රථ ටයර් ආනයන සීමා මේ වනවිට ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ. නමුත්, පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට bias-ply සහ TBR ටයර් නිෂ්පාදනය වැඩි කරමින් මෙම අංශයේ ටයර් අවශ්‍යතාවය 100% ක්ම සැපයීමේ හැකියාව සමාගම ලබාගෙන තිබෙනවා. මෙමගින් රටට රුපියල් බිලියන 11 ක පමණ විදේශ විනිමයක් ඉතිරිකර ගත හැකියි.

    මෙම අංශයේ ටයර් නිෂ්පාදනය තවදුරටත් වර්ධනය කිරීම මගින් තවත් විදේශ විනිමය ඉතිරිකර ගැනීමට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි.’
    ඉහළම බරක් දරාගනිමින් වැඩිම කිලෝ මීටර් ප‍්‍රමාණයක් ධාවනය කිරීම සඳහා නිර්මාණය කර තිබෙන සියැට් Winmile AW ටයරය අනිකුත් තරඟකාරී ටයර් සන්නාම සමග සැසඳුවිට කිලෝමීටරයක් සඳහා අඩුම පිරිවැයක් ලබාදෙන අතර සියැට් Winmile AW ටයරයේ බර සහ වේග දර්ශකය 146/143K වේ. මනා පාලනයක් පවත්වා ගනිමින් කල්පවත්නා අයුරින් ඉහළම ශක්තියක් සහ කාර්යසාධනයක් ටයරයට ලැබෙන පරිදි මෙම ටයර් නිෂ්පාදනය කරයි. එසේම, මෙම ටයරයේ තිබෙන සුවිශේෂ කට්ට රටාවට අනුව වැඩිම දුරක් ධාවනය කළ හැකිබව සමාගම සඳහන් කරයි.

    සියැට් සමාගම විසින් මේ ආකාරයෙන් ට‍්‍රක් බස්රථ රේඩියල් ටයර් නිෂ්පාදනය වැඩි කිරීමට සමගාමීව මෝටර් රථවල 12” සිට 14” දක්වා රිම් ප‍්‍රමාණ සඳහා වන රේඩියල් ටයර් නිෂ්පාදනය ද වැඩි කිරීමට කටයුතු යොදා ඇත. රේඩියල් නිෂ්පාදනය පුළුල් කිරීමේ පළමු අදියරේදී වසරකට රේඩියල් ටයර් 72,000 ක් අලූතින් එකතුකළ අතර දෙවැනි අදියරේ පුළුල් කිරීම් සමඟ 2021 මැයි මාසයේදී සමාගමේ රේඩියල් ටයර් නිෂ්පාදනය වසරකට අළුතින් තවත් රේඩියල් ටයර් 100,000 ක් බව සමාගම සඳහන් කරයි.

    මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා - ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි සමාගම ශ‍්‍රී ලංකාවේ ටයර් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ විශාලතම සමාගමයි. සමාගම මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 ක මුදලක් ආයෝජනය කර තිබේ. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, ීඹඪ වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

    සේයාරු සටහන - සියැට් කැළණි සමාගමේ නව ට‍්‍රක් බස් රේඩියල් ටයර් ප්‍රෙස් යන්ත‍්‍රයක්