සූවස් ඇළේ සිරවුණු නැව අයත් සමාගමේ තවත් නෞකාවක් අනතුරක

    March, 29, 2021

    EVERGEEN සමාගමට අයත් තවත් දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තායිවානයේ තායිපේ වරායේ දී භාණ්ඩ මෙහෙයුම් සිදුකරන අතරවාරයේ දී අනතුරට පත්ව ඇත. පසුගිය මාර්තු 27 දා මෙම අනතුර සිදුව ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කර සිටී.

    පසුගිය සතියේ දී සූවස් ඇළහරහා යාත්‍රා කරමින් සිටිය දී ඇති වූ අනපේක්ෂිත තත්ත්වයක් මත දින ගණනාවක් එම ගමන් මාර්ගය අවහිර කරමින් රැඳී තිබුණු EVER GIVEN නෞකාව අයත් වන්නේ ද EVERGEEN නැව් සමාගමටයි.

    වරායේ ගැන්ට්‍රි දොඹකරයක් හා නැවේ funnel කොටස් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම ගැටීම හේතුවෙන් නැවට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.

    එම නෞකාවේ විස්තර පහත පරිදි වේ.

    Container ship EVER GENTLE, IMO 9820922, GT 217612, capacity 20388 TEU, built 2020, flag Liberia, manager SHOEI KISEN KK.

    - www.maritimebulletin.net ඇසුරෙනි.