සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 19’ හි ජයග්‍රාහකයින් අති සාර්ථක චීන සංචාරයක

    June, 24, 2026

    සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි මහා ප්‍රවර්ධන වැඩසටහනේ 19 වැනි අදියර යටතේ ජයග්‍රහණය ලැබූවන් චීනයේ ප්‍රසිද්ධ සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන රැසක් දැක බලා ගනිමින් බීජිං නගරයයේ සිදු කළ අමතක නොවන සංචාරය නිමා කරමින් යළි දිවයිනට පැමිණ තිබේ.

    සංචාරය සඳහා සියලු වියදම් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දැරූ අතර සංචාරයට සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත ජයග්‍රාහී පවුල් පහක් සහභාගී විය. මෙම සංචාරය වඩාත් උණුසුම් හා මිත්‍රශීලී අත්දැකීමක් බවට පත් කරමින් ෆැමිලි සවාරි සන්නාම තානාපති වන රොෂාන් රණවන මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ද මෙම සංචාරයට එක් විය.

    ඉතිහාසය, සංස්කෘතිය සහ විනෝදාස්වාදය කැටි කළ මෙම සංචාරයේ දී සහභාගී වූවන්ට දර්ශනීය කේබල් කාර් ගමනක් හරහා මුටියානු පිවිසුමෙන් චීන මහා ප්‍රාකාරය නැරඹීමටත්, 2008 ඔලිම්පික් ක්‍රීඩාංගණය මෙන් ම ටියානන්මෙන් චතුරශ්‍රය, තහනම් නගරය සහ ගිම්හාන මාලිගාව ඇතුළු ලොව ප්‍රසිද්ධ ස්ථාන රැසක් දැක බලා ගැනීමටත් අවස්ථාව හිමි විය.

    මෙම සංචාරය තවත් වටිනාකමක් එක් කරමින් කරමින් ජේඩ් ගල් කර්මාන්තශාලාවක්, පැන්ඩා සත්වෝද්‍යානයක් සහ වෘත්තීයමය ලෙස සංවිධානය කළ ඇක්‍රොබැටික් ප්‍රසංගයක්ද නැරඹීමට මෙන්ම සම්ප්‍රදායික චීන ආහාර රස බැලීමට සහ සාප්පු සවාරි සඳහා ද සහභාගී වූවන්ට අවස්ථාව උදා විය.

    ‘ෆැමිලි සවාරි 19’ වැඩසටහන ඉහළම ත්‍යාගය වූ මෙම බීජිං සංචාරය සඳහා, මහා දිනුම් ඇදීමේදී තෝරාගත් රක්ෂණ ඔප්පු හිමියන්ගේ පවුල් පහකට මෙම සුවිශේෂී විදේශීය නිවාඩු සංචාරය හිමි විය. මෙම ජයග්‍රාහකයින් වෙන්නප්පුව, කැලණිය, ගොඩකවෙල, කඹුරුපිටිය සහ හෝමාගම ශාඛාවලින් තෝරාගෙන තිබුණි.

    2007 දී දියත් කරන ලද ෆැමිලි සවාරි වැඩසටහන, ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශාලතම සහ වඩාත්ම කාලයක් පවත්වාගෙන යන ප්‍රවර්ධන වැඩසටහන බවට පත්ව ඇති අතර, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ පවුල් 11,000 කට අධික සංඛ්‍යාවක 37,000 කට අධික පිරිසකට ප්‍රතිලාභ ලබා දී ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ බෙදාගත් අත්දැකීම් සහ අර්ථවත් ප්‍රතිලාභ සමඟ සෙලින්කෝ ලයිෆ් සහ එහි රක්ෂණ ඔප්පු හිමියන් අතර දිගුකාලීන සබඳතා ශක්තිමත් කරයි.

    2025 දී අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සහ 20 වන වසරටත් ‘වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙසත් පිළිගැනීමට ලක් වූ සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි. 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ වටිනා ම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් මෙරට සමස්ත සන්නාම අතුරින් 22 වන වටිනාම සන්නාමය ලෙසද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සඟරාව මගින් ශ්‍රේණිගත කරන ලදී.

    සේයාරු සටහන: සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි හි ත්‍යාගලාභීන් චීන සංචාරය අතරතුරදී