සෙලෙන්දිවා ආයෝජන සමාගම හරහා කිසිඳු දේපළක් විදේශ රටවලට විකුණන්නේ නැහැ – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය

    June, 23, 2021

    කොළඹ නගරයේ දිරාපත් වී ඇති පෞරාණික ගොඩනැගිලි අගමැතිතුමාගේ උපදෙස් පරිදි රජය යටතේ සංවර්ධනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශය අවධාරණය කරයි.
    කොළඹ නගරයේ ඇතැම් ඉඩම් හා පෞරාණික ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට සෙලෙන්දිවා ආයෝජන සමාගම කටයුතු කරන බවට ගෙන යන ප්රචාරවල කිසිදු සත්යතාවයක් නොමැති බවත් රජය යටතේ ඒවා සංවර්ධනය කිරීමට පමණක් කටයුතු කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශය අවධාරණය කරයි.
    නාගරික සංවර්ධන හා නිවාස අමාත්යවරයා වශයෙන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා  උපදෙස් ලබා දී තිබෙන්නේ කොළඹ නගරයේ දිරාපත් වී ඇති පෞරාණික ගොඩනැගිලි රජයේ පාලනය යටතේ ප්රතිසංස්කරණය කිරිමට පියවර ගන්නා ලෙසයි.
    සෙලෙන්දිවා ආයෝජන සමාගම 100% ක් ම රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කරන බවත් එම ආයතනය පිහිටවූයේ පාඩු ලබන රාජ්ය ව්යාපාර ශක්තිමත් කර එමඟින් රටට ආදායම් ලබා ගැනීමට බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.බී. යාලේගම මහතා ප්රකාශ කරයි.
    රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවක දී ඒ මහතා මේ බව පැවසීය.
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්යයේ දැක්ම” ප්රතිපත්ති ප්රකාශනය යටතේ රාජ්ය ව්යාපාර වාණිජමය වශයෙන් පවත්වා ගත යුතු ව්යාපාර බවට පරිවර්තනය කර ගැනීමටත් ලොව හොඳ ම භාවිතයන් සහ විචක්ෂණශීලී අවදානම් කළමනාකරණ උපක්රම යොදාගනිමින් ලාභදායි ව්යාපාර බවට පත් කිරීම සඳහා ජාතික ව්යාපාර අධිකාරියක් ස්ථාපිත කරන බවටත් සඳහන් වේ.
    සිංගප්පූරුවේ තමාසෙක් ආයෝජන මොඩලය ආදර්ශයට ගෙන පිහිට වූ, 100% ක් රජය සතු මෙම සමාගමේ කොටස් 51% ක් රජයට ද, කොටස් 49% ක් පුද්ගලික අංශයට ද ආයෝජනය සඳහා විවෘත කර ඇත.
    මේ වන විටත් මහජනතාවට බරක්ව පවතින පාඩු ලබන රාජ්ය ව්යාපාර සහ ඌන භාවිතයේ පවතින රාජ්ය දේපළ ලාභ ලබන තත්වයට ගෙන ඒමේ අරමුණින් ඇති කළ මෙම සමාගම ආයෝජන කලඹවල් (Clusters) තුනක් යටතේ ක්රියාත්මක වන අතර, එම කලඹවල් තුන කොළඹ කොටුව ආයෝජන කලඹ, නිශ්චල දේපළ ආයෝජන සංවර්ධන කලඹ සහ රජයට අයත් සත්කාරක අංශ ආයෝජන කලඹ ලෙසින් නම්කර ඇත.
    නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී. යාලේගම මහතා සඳහන් කළේ සෙලෙන්දිවා ආයතනය පිහිටුවීමේ මූලික අරමුණ වනුයේ ජනතාවට බරක්ව තිබෙන රාජ්ය ව්යාපාර නැවත ප්රතිසංස්කරණය කිරීම වන බවයි.
    “සෙලෙන්දිවා ආයෝජන සමාගම 100% ක් රජයට අයත් විගණකාධිපතිතුමා විසින් විගණනය කරනු ලබන ආයතනයක්. ඒ වගේ ම සෙලෙන්දිවා ආයතනය පිහිටවූයේ ජනතාවට බරක් වෙලා තියෙන රාජ්ය ව්යාපාර ඒවා නැවත ප්රතිසංස්කරණය කරලා ඒවා රජයට බරක් නොවන විදිහට ඒක රටට ආදායම් ලබාගන්නා ව්යාපාර බවට පත් කරන්නත් ඒවගේ ම දැනට ඌණ භාවිත රජයේ දේපළ පුද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන සංවර්ධනය කිරීමට. ”යනුවෙන් ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී. යාලේගම මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.
    සෙලෙන්දිවා ආයෝජන සමාගමේ විධායක නිලධාරී ශමාහිල් මොහිදින් මහතා මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේ කුමන ආයෝජනයක් සිදු කළ ද එහි පාලනය රජය යටතේ පවතින බවයි.
    “සෙලෙන්දිවා ආයතනය ස්ථාපනය කිරීමේ පරමාර්ථය වෙන්නේ under perform under utilities access ඒවාගේ මූල්ය ප්රතිසංස්කරණය සහ ප්රධාන ප්රතිසංස්කරණය කරලා ඒවා ලාභ ලබන ආයතන බවට පරිවර්තනය කිරීම. ඉන්වෙස්මන්ට් මොඩල් එක අපේ කැබිනට් මණ්ඩල පත්රිකාවේ දාල තියෙනවා. සෙලෙන්දිවා ආයතනය යටතේ වෙන ම ස්ථාපිත කරනු ලබනවා සමාගම් පනත යටතේ holding SPV එකක්. ඒකේ නම වෙන්නේ special purpose vehicle' special purpose vehicle කියන එකේ පරමාර්ථය වෙන්නේ අපි ඒක ස්ථාපිත කරන්නේ under performance under utilities access කියන මූල්ය සහ ප්රතිසංස්කරණය කිරීමට. සෞභාග්යයේ දැක්ම යටතේ ක්රියාත්මක වන වර්තමාන ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශයේ දාලා තියෙන්නෙ රාජ්ය සම්පත් පෞද්ගලීකරණය නොකරමින් ව්යුහාත්මක වෙනස්කම් කරමින් ලාභදායී ආයතන බවට පත් කිරීම. එතකොට සෙලෙන්දිවා ආයතනයේ විදෙස් ආයෝජන ගෙන්වන්නේ මෙම පදනම මතයි. අමාත්ය මණ්ඩල සංදේශයේ (2) 04 වගන්තියට අනුව රජයේ කොටස් භාගය නිරතුරුව ම 51% ක ප්රමාණයක් තබාගෙන පෞද්ගලික අංශයට නිරාවරණය කරන්නේ 49% ක් පමණයි. මේ 49% කොටස මොන ආයතනයට මොන පුද්ගලික අංශයට ගියත් 49% ම කාට හරි ගියත් එකේ පාලනය තියෙන්නේ රජයට තමයි. ඒ නිසා මේ විදෙස් ආයෝජන සමාගම්වල special purpose vehicle ඒ හැම එකක ම අයිතිය පාලනය ගත්තාම රජයට නිතැතින් ම ඒකෙන් සිදුවෙන්න ඕන කාරණය ඉෂ්ට වෙනවා. ඒ වගේම මේ රජයට අයිති වෙනවා කියන්නේ නිකම්ම මහජනතාවට එහි ප්රතිලාභ ලැබෙනවා කියන එකයි.”
    යනුවෙන් ද සෙලෙන්දිවා ආයෝජන සමාගමේ විධායක නිලධාරී ශමාහිල් මොහිදින් මහතා ප්රකාශ කළේය. මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්රසාද් රණවීර මහතා ද එක්විය.