හම්බන්තොට වරාය හරහා පොහොර ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාරයකට ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ප්‍රකෝටිපතියාගේ අවධානය

    March, 25, 2021

    පසුගිය සතියේ මෙරටට පැමිණි ලෝක මට්ටමේ ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන රුසියානු ජාතික අන්ද්‍රේ මෙල්නිචෙන්කෝ මහතා සිය සංචාරය අතරතුර දී හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ. වරායේ ඉහළ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවලදී ඔහු හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා කලාපීය පොහොර බෙදා හැරීමේ හැකියාව පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ බව වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් HIPG (Hambantota International Port Group) වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී Lance Zuo පවසන්නේ වරායේ සැලසුම්වලට අනුකූල මෙකී ව්‍යාපාරික මුලපිරීම් සඳහා ඇති විභවයන් පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරන බවයි.

    ඡායාරූපය - වමේ සිට දකුණට - HIPG හි අලෙවිකරණ කළමනාකරු නිශාන්ත ගමගේ, HIPG හි වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී Lance Zu, රුසියානු ව්‍යාපාරික අන්ද්‍රේ මෙල්නිචෙන්කෝ, Hambantota International Port Services (HIPS) හි ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවික්‍රම