හැරී ජයවර්ධන පෝට් සිටි නිරීක්‍ෂණ චාරිකාවක

    May, 10, 2021

    මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා, කොළඹ වරාය නගර ව්‍යාපෘති කළමනාකාර රාජා එදිරිසූරිය මහතා සමඟින් එහි ව්‍යාපෘති සංවර්ධන භූමි නිරීක්‍ෂණ සංචාරයක පසුගියදා නිරත විය.

    වසර ගණනාවක් පුරාවට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සිදුකළ සුවිසල් සේවාව වෙනුවෙන් ඉමහත් කීර්තියක් හිමිකරගෙන ඇති ජයවර්ධන මහතා, කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය මගින් ශ‍්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය සහ එහි බලපෑම පිළිබඳව විමසා බැලීමට ද යොමුවිය.