හෙට දිනයේ දී බැංකු විවෘත වේලාවන් මෙන්න

    August, 22, 2021

    හෙට (23) දිනයේ දී සීමිත මූල්‍ය ගනුදෙනු සඳහා සිය ශාඛා විවෘත කර තබන බව බැංකු සමාගම් විසින් නිවේදනය කර සිටී.

    නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සමයේ සිදුකළ හැකි අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයට අනුව බැංකු විවෘතව තැබෙන අතර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ බැංකු කටයුතු සිදු කිරීමට ගනුදෙනුකරුවන් දිරිමත් කරන ලෙස දැනුම් දී තිබිණි.

    වෙළෙඳ මූල්‍යකරණය, භාණ්ඩාගාර මෙහෙයුම්, නිෂ්කාෂණ කටයුතු, වැටුප් ගෙවීම් කටයුතු වැනි අත්‍යාවශ්‍ය බැංකු සේවාවන් සඳහා පමණක් මෙලෙස බැංකු ශාඛාවන් විවෘත කර තැබෙනු ඇත. හැකිතාක් ඩිජිටල් බැංකු සේවාවන් භාවිත කරන ලෙස සිය ගනුදෙනුකරුවන්ගෙන් ඒක් ඒක් බැංකු වැඩිදුරටත් ඉල්ලා සිටී.

    මේ අනුව වාණිජ බැංකු කිහිපයක් හෙට දිනයේ දී සිය ශාඛා විවෘත කර තැබෙන ආකාරය පිළිබඳව සිය සමාජ මාධ්‍ය පිටු හරහා ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී සිටින අතර අදාළ බැංකුවල නිල වෙබ්අඩවියට හෝ නිල සමාජ මාධ්‍ය ජාලා පිටු වෙත පිවිසීමෙන් මේ සම්බන්ධ යාවත්කාලීන තොරතුරු දැනගත හැකිවනු ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates