ෆැන්ටසි ලෑන්ඩ් එන්ටර්ටේන්මන්ට් වෙතින් මාතලේට අධ්‍යාපනික හා විනෝදාත්මක අංගවලින් යුත් සංචාරක ව්‍යාපෘතියක්

    July, 28, 2021

    දේශීය හා විදේශීය සංචාරකයන් ඉලක්ක කරගෙන අධ්‍යාපනික හා විනෝදාත්මක අංගවලින් යුත් සංචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ෆැන්ටසි ලෑන්ඩ් එන්ටර්ටේන්මන්ට් (‍පුද්ගලික) සමාගම විසින් සැලසුම් කර ඇත.

    එම යෝජිත ව්‍යාපෘතිය සඳහා ආයෝජන මණ්ඩලයේ එකඟතාව පළ වී ඇති අතර, ඒ සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මාතලේ දිස්ත්‍රික්‍කයේ, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රත්වත්ත නමැති ඉඩමෙන් අක්කර 42 රූඩ් 01 පර්චස් 1.5ක ඉඩම් කොටසක් වසර 30 ක කාලයකට බදු පදනම මත ලබා ගැනීමට අදාළ සමාගම විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

    ඒ අනුව, අදාළ ඉඩම් කොටස එකී සමාගම වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.