2021 පෙබරවාරි මාසයේ දී 13% කින් කොටස් වෙළෙඳපොළ පහළට

    March, 1, 2021

    2021 පෙබරවාරි මාසයේ අවසාන ගනුදෙනු දිනය වූ පසුගිය 25 බ්‍රහස්පතින්දා දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 104.48 ක හෙවත් 1.42% ක වර්ධනයක් වාර්තා කළේය. කෙසේවෙතත් සමස්තයක් ලෙස සැලකීමේ දී පෙබරවාරි මාසය තුළ දී 13.74% ක පහළ යාමක් සියලු කොටස් මිල දර්ශකය අනුව වාර්තා වේ. ඒමෙන්ම S&PSL20 දර්ශකය ද පෙබරවාරි මාසයේ දී 15.58% ක් පහළ ගොස් ඇත.

    ජනවාරි මාසය අවසානයේ දී ඒකක 8,668.07 ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය පෙබරවාරි මාසය අවසානයේ දී දැක්වුණේ ඒකක 7,476.34 ක් වශයෙනි. මේ අනුව පෙබරවාරි මාසය තුළ ඒකක 1,191.73 කින් සියලු කොටස් මිල දර්ශක වටිනාකම අඩු වී තිබේ.

    කෙසේවෙතත් ජනවාරි මාසයේ දී වාර්තා වූ 27.97% ක දැවැන්ත වර්ධනයත් සමඟම 2021 වසරේ මුල් මාස දෙක තුළ දී සියලු කොටස් මිල දර්ශකයේ සමස්ත වර්ධනය, වසර ආරම්භයට සාපේක්ෂව 10.36% ක් ලෙසින් දැක්වේ.