2021 මුල් මාස 03ට විදෙස් සංචාරකයින් 9,629ක් ඇවිත්

    April, 5, 2021

    2021 ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාස 03 තුළ දී මෙරටට පැමිණ තිබෙන සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 9,629 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මෙහිදී ජනවාරි - 1,682 ක්, පෙබරවාරි 3,366 ක් හා මාර්තු මාසයේ දී 4,581 ක් වශයෙන් සංචාරක පැමිණීමේ ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

    මාර්තු මාසයේ දී කසකස්තානයෙන් සංචාරකයින් 1,514 දෙනෙකු පැමිණීම මෙලෙස එම මාසය තුළ දී සංචාරක ආගමනය ඉහළ යාමට වැඩි වශයෙන් දායක වී ඇත. මීට අමතරව ජර්මනියෙන් 502ක්, එක්සත් රාජධානියෙන් 316 ක්, යුක්‍රේනයෙන් 287ක් හා චීනයෙන් 223 ක් ලෙසින් මාර්තු මාසය තුළ දී මෙරටට වැඩි වශයෙන් සංචාරකයින් පැමිණි රටවල් වේ.

    වසරේ මුල් මාස 03 තුළ දී කසකස්තානයෙන් පැමිණ තිබෙන මුළු සංචාරකයින් සංඛ්‍යාව 2,746 ක් වන අතර යුක්‍රේනයෙන් පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 2,592 කි.

    මේ සම්බන්ධ සංඛ්‍යා සටහන් කිහිපයක් පහතින් දැක්වේ.