• Ada Derana BIZ Sinhala
  • Central Bank
  • Economy
  • sri lanka

2023 අග භාගයේ දී ආර්ථිකය යථා තත්ත්වයට – මහ බැංකුවෙන් පුරෝකථනයක්

November, 9, 2022

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ ණය පහසුකම් වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලට අදාළව මේ දක්වා ලබා ඇති ප්‍රගතිය මෙන්ම දැනටමත් ක්‍රියාත්මක කර ඇති සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳ සලකා බැලීමේ දී, 2023 වසරේ අග භාගයේ සිට ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ මාවතකට අවතීර්ණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

“මෑත කාලීන ආර්ථික ප්‍රවණතා - 2022 සුවිශේෂී සිදුවීම් සහ 2023 අපේක්ෂා“ ප්‍රකාශනය නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී.

කෙසේවෙතත් කාලෝචිත ලෙස, ආර්ථිකයෙහි සියලු අංශ ආවරණය කෙරෙන පරිදි කාර්යක්ෂම ලෙස මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් තුළ පවතින අප්‍රතිහත කැපවීම මත මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය පදනම් වන අතර, ඒ සඳහා දරන ප්‍රයත්න දේශපාලන සහ මැතිවරණ ක්‍රියාවලීන්ට අදාළ වෙනස්කම්වල බලපෑම්වලින් තොරව සිදුවීම සහතික කළ යුතුය. ඉදිරි තීරණාත්මක කාලපරිච්ඡේදය තුළ දී මෙලෙස ජාතික ප්‍රතිපත්තීන් නොවෙනස්ව පවත්වා ගැනීම, බාහිර කම්පනවලට ඔරොත්තු දීම සඳහා ආර්ථිකයට ඇති හැකියාව ශක්තිමත් කිරීමට සහ එමඟින් මැදි කාලීනව ආර්ථිකයේ අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීමට අත්‍යාවශ්‍ය වේ.

Video Story

Stock Market

Exchange Rates